බීම කොම්පැණිය කලබලවෙයි ? මීපුරට කථා කරයි ?රෝගී වු සේවිකාවට චෝදනා කරයි ?

0
99

 

ලලනිනිදහස් වෙළද කලාප සේවිකාවක් පළතුරු බීම බෝතලයක් පානය කිරිම හේතුකොට ගෙන  රෝගීවිමෙන් අනතුරුව මීගමුව රෝහලට 2016 නොවැ 03 වනදා ඇතුළුත් කර තිබුණි.
ලලනි සොයිසා නම් වු මේ සේවිකාව එහිදි කියා සිටියේ බීම බෝතලය බීමෙන් පසු ඇය වමනය සහ හිසරදය ඇතිවු බවය.
අප ඒ අවස්ථාවේදි අදාල බිම සමාගමේ නිළධාරිණයක වු ශිරෝමි නැමැත්තියගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට කියන්නට ඇත්තේ මොනවාද යනුවෙනි.
එයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ අප මේ අවස්ථාවේදි උනන්දු වන්නේ සේවිකාවගේ රෝගි තත්වය ගැන පමණක් බවත් කියමින් ආයතනයේ නිෂ්පාදන කළමණාකරු ලක්ෂ්මන් මහතාගේ දුරකථන අංකය අපට ලබාදි තිබුණි.
අප ඔහුගෙන් මේ පිළිබදව විමසා සිටියදි ඔහුගේ පිළිතුර වුයේ අදාල ආයතනයේ නියොජිතයෙකු අදාල සේවිකාව හමුවිම සදහා රෝහලට නොවැ 04 වනදා උදෑසනම යවන බවය.එමෙන්ම අදාල බීම බෝතලය  විමර්ශනය නොකොට මේ ගැන කිසිවක් කිව නොහැකි බවය.
මේ සිදුවිම පිළිබදව අප විසින් සීදුව කොට්ටාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ අදාල බිම බෝතලය පරික්ෂා කිරිම සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යවන බවය.
බීම බෝතලයක් නිසා ඇතිවු රෝගී තත්වය ගැන ලලනි සොයිසා නැමැති සේවිකාව විසින් මීගමුව රෝහල් පොලිසියේ මෙන්ම කටුනායක පොලිසියේද පැමිණිල්ලක් සටහන් කර තිබේ.
මේ පැමිණිල්ල පිළිබදව වැඩිදුර පරික්ෂණයක් සදහා 2016 නොවැම්බර් 5 වනදා උදේ 10.00 ට ලලනි සොයිසා මහත්මියව කටුනායක පොලිසියට කැදවා තිබේ.
පොලිසියේ දැනුම් දිමකින් තොරව මේ අවස්ථාව සදහා පැමිණ සිටින ස්මැක් ආයතනයේ නිතිඥ මහතෙකු මීපුර අමතා කියා සිටියේ මේ සේවිකාව මිලිලිටර් 10 ක් වත පානය කර නොමැති බවත් ආයතනයෙන් මුදලක් බලාපොරොත්තුවෙන් සංවිධානාත්මකව සිදුකර ඇති එකක් බවත්ය.
ඔහු මෙහිදි දිගින් දිගටම කියා සිටියේ තමන්ගේ ආයතනයේ කිසිදු වරදක් නැති බවය.තමන්ගේ වෙළද නාමයට කැළලක් විම ගැන පමණක් ප්‍රශ්ණයක් ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් අප ඔහු වෙත කියා සිටියේ ස්මැක් ආයතනයට කියන්නට අවශ්‍ය දේ ලිඛිතව දන්වා එවන ලෙසය එය පළකරන්නට අප බැදි සිටින බවද ඔහු වෙත දන්වා සිටියෙමු.