බුකියෙන් ගොඩයන්න හදන අයගේ කටගැස්ම කඩොලානද? බොරු පුවත් එමටයි!

0
104

Screenshot_20200222_130427_com.facebook.katanaමේ දිනවල කාගේත් අවධානය දිනා ගත් පුවතක් බවට පත්ව ඇත්තේ කඩොලානය.මේ උනන්දුව සැබැවින්ම තවත් කොයිතරම් කාලයකටදැයි සැක සහිතය.කෙසේ වෙතත් මේ පුවත් බහුතරයක් ගෙන බලන කළ පෙනි යන පොදු කරුණ බවට පත්ව ඇත්තේ කරුණුමය වශයෙන් වැරදි පුවත් රැසක් මේ දිනවල හුවමාරු වෙමින් ඇති බවය.

පසුගියදා සීදුව නගර සභාව විසින් පවත්වාගෙන ගිය කසල බැහැරකරන ස්ථානයේ ගින්න බුකියේ බහුතරයක් දෙනා විසින් මිගමුවේ කඩොලාන පරිසරය ගිනිතබා ඇතැයි යනුවෙන් සම්පුර්ණ අසත්‍යය පුවතක් සමාජ ගතකරමින් සිටි.අද අපගේ ඇස ගැටුන වෙබ් පුවතක් ද සම්පුර්ණ අසත්‍යය  තොරතුරක් ලියා තිබේ.ඒ සටහනට අනුව  ”ගින්න ඇතිවි තිබෙන්නේ මීගමුවේ කඩොලාන පරිසරයටය. ” එය ඇමති සනත් නිශාන්ත විසින් කියන්නට යෙදුන තැනයි. එපමණක් නොව මෙසේ කුණු බැහැර කර ඇත්තේ මීගමුව නගර සභාව විසිනි.

සැබැවින්ම ගත් කල ⁣headlinenews.lk වෙබ් අඩවිය බරපතල වැරැද්දක් සිය පුවත හරහා සිදුකර තිබේ. මේ අකාරයෙන් වෙබ් මාධ්‍ය කරණයේ නියැලිම වෘත්තිමය වශයෙන් වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන වෙබ් මාධ්‍යකරුවන්ටද සැබැවින්ම අවුලකි. එබැවින් සමාජ මාධ්‍ය මෙන්ම වෙබ්මාධ්‍යකරණය තුලද පුවත් බෙදා හරින්නේ නම් සත්‍ය පමණක සමාජගත කිරිමට වගබලා ගැනිම සැමගේ වගකීමකි.