බුද්ධ ප්‍රතිමාව ඉදිකිරිම වහාම නවතා දැමිමට ජන්දය දුන් ජීවංගට පංසලේ විරෝධය.

0
41

නගර සභා භූමියේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරිම නිමිත කොටගෙන පොඩි පංසලේ පැවැති උත්සවයේදි ආණ්ඩු පක්ෂයේ ජීවාංග මිරැන්ඩෝ නාගරීක මන්තී‍්‍රවරයා පිලිබදව ද සුමේධ තිස්ස ස්වාමීන් වහන්සේ විශේෂ ප‍්‍රකාශයක් කළේය.

එහිදී සුමේධ තිස්ස ස්වාමීන් වහන්සේ පැවසුවේ,මෙම විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් පැවැත්වුණ දහම් පාසලට සහභාගී වී මෙම විහාරස්ථාන දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වූ ජීවාංග මිරැන්ඩෝ ආණ්ඩු පක්ෂ නාගරික මන්තී‍්‍රවරයා මෙම බුද්ධ ප‍්‍රතිමාව ඉදි කිරීම වහාම නවතා දමන ලෙස නගර සභාවට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති බවයි. ඒ නිසා තමන් ජීවාංග මිරැන්ඩෝ මන්තී‍්‍රවරයා පිලිබදව බලවත් කණාගාටුව ප‍්‍රකාශ කරන බවත් , ඔහු එසේ කටයුතු කලද ඔහු පිලිබදව කිසිදු අහිතක් ඇති කර නොගන්නා බවද සුමේධ තිස්ස හිමියන් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.