බූස්සේ රදවාගෙන සිටි පකිස්ථාන සරණාගතයන් 56 මහරෑ හොරෙන්ම ගෙනත් මීගමුවට අතහැරලා…?

0
52

pk rfg1එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසමේ ලියාපදිංචිව සිටි සරණගාතයන් හිටිහැටියේම අත්අඅඩංගුවට ගන්නට රජය ක්‍රියාත්මක වුයේ මුළු ලෝකයේම අපවාදයට ලක්වවෙමිනි.
මෙම අත්අඩංගුවට ගැනිම් වල ඊළග නින්දිතම කටයුත්ත වුයේ මුස්ලිම් ජනයාගේ නෝම්බි දිනවලදිම මේ පිරිස අත්අඩංගුවට ගෙන සිරගතකොට තැබිමයි.
මානව හිමිකම් සංවිධාන වල විවේචනයන් සහ ලෝක සම්ප්‍රදායන් වලට පයින් ගසමින් බුස්සේ රදවා සිටි සරණගාතයන්ට බොරු පොරොන්දු ලබා දි පසුව රටින් පිටුවහල් කිරිමට රජය කටයුතු කර තිබුණි.
මේ අනුව ඉතාමත් අනාරක්ෂිත තත්වයන් යටතේ 128 දෙනෙකු පමණ මෙසේ පිටුවහල් කර තිබුණි.
කෙසේ වෙතත් මේ තත්වයන් එරෙහිව ක්‍රියාත්මක වු මානව හිමිකම් සංවිධාන සහ ඒ සියල්ලටම පෙරමුණ ගත් නිතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ අප්‍රතිහත ධෛර්ය හා මැදිහත්විම මත මේ වන සරණගාතයන් යළි පිටුවහල් කිරිම නවතා තිබේ.
එමෙන්ම බූස්සේ රදවා සිටි සරණාගතයන්ද නොකර සද්ද පසුගිය දිනක මහරෑක පෙරියුමල්ලේ අහමදියා මුස්ලිම් දේවස්ථානය අසල දමා ගොස් තිබුණි.
මේසේ මහරෑක මේ සරණාගතයන් හොරෙන්ම අතහැර දමා යාමේ රහස කුමක්ද ?
මාධ්‍ය වලට වසන් කිරිමද? නැතිනම් චණ්ඩියන් සේ පැමිණ අල්ලාගෙන ගොස් පුස් පැටවුන් සේ මේ අසරණයන් ගෙනත් ඇරලවිමට සිදුවිමද???