බේබදු රියදුරෙකු විසින් මීගමුවට අහිමිකළ පොලිස් නිළධාරින් ගැන තවත් කෙටි සටහනක් !

0
49
dav

dav

රථ වාහන පොලිසිය යනු නගරයක විධිමත් බව ගෙන එන ප්‍රධානම අංශයයි.එහෙත් එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
අව්ව වැස්ස නොබලා මේ නිළධාරින් කටයුතු කරති.
දැනට මීගමුව තුල අතිසාර්ථක ලෙසින් ක්‍රියාත්මක තනිඅතට ගමන් කරන රථවාහන සැලැස්ම නිසි අයුරින් ක්‍රියාත්මක කරලන්නට මීගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියළු නිළධාරින් අතිමහත් වෙහෙසක් ගත් බව අප ඉතා හොදින් දනිමු.
මගින්ට සෙවන සලසන බස්මගි ආවරණයක් ව්‍යාපාරික ස්ථානයකට පහසුවක් සලසනු පිණිස කතෝලික පියතුමෙකු විසින් ගලවා ඉවත් කොට තිබියදි එය නැවත එම ස්ථානයේ ස්ථාපිත කිරිම සදහා මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක මහතා විසින් කටයුතු කළ අවස්ථාවේ ඔහුගේ සහයට එම ස්ථානයේ සිටියේ බේබදු රියදුරෙකුගේ බේබදුකම හේතුවෙන් ජිවිතයෙන් සමුගන්නට සිදුවු ආණමඩුව ප්‍රදේශයේ යසනායක තරුණ නිළධාරියාය.
මේ මතක සටහන අප  තබන්නේ එවන් මීගමුවට තවදුරටත් සේවය ඇවැසිව තිබුණ තරුණ දක්ෂ කැපවුණු නිළධාරින් දෙදෙනෙකු අහිමිවිමේ ඛේදවාචකය ගැන ලකුණු කොට තබනු පිණිසය.
( මෙම ඡායාරූප වල හෙල්මටයක් පැළද සිටින්නේ මිය ගිය නිළධාරින් දෙදෙනාගෙන් එක් අයෙකු වන යසනායක මහතායි ඔහු මහකුඹුක්කඩවල ආනමඩුව පදිංචි  බෝහින්ගමු මුද්යන්සේලාගේ අශේක ලලිත් යසනායක 39 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.)