



කටුනායක නිදහස් වෙළද කලාපයේ ”ලකි ලවර්” නම් වෙළද සැලෙහි තිබුණ කාන්තාවන් විසින් විලාසිතාවක් ලෙසින් පළදින ටැටු රූප සහිත අත්මේස තොගයක් තුල තිබුන බුදුන්ගේ ටැටු රූපයක් හේතුකොට මහත් කලබගෑනියක් පසුගිය දිනක ඇතිව තිබුණි.
මේ සදහා බෞද්ධ භික්ෂුන් පිරිසක්ද මැදිහත්ව තිබුණ අතර එකි කඩය වසා දැමිමට අදාල මුස්ලිම් ව්‍යාපාරිකයාට සිදුවිය.
ශ්‍රි ලංකා පොලිසිය විසින් මේ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරන ලදි. එහෙත් බොදු බල සේනා පොලිසියෙන් ගැලිවිමක් නොවුනි.
දෙසතියක් පමණ තිස්සේ වසා දමා තිබු මේ කඩය අද ( 2013 දෙසැ 07)යළිත් විවෘත කෙරුනේ බොදු බල සේනාවේ භික්ෂුන් පිරිසක් පැමිණ මේ කඩය අවට බොදුනු කොඩි දමා පිරිත් කියා මුස්ලිම් ව්‍යාපාරිකයා ලවා භික්ෂුන් ඇතුළු එහි සිටි ජනයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනිමෙන් අනතරුවය.