බොරළු සමන්තලාගේ සහ කොන්ක්‍රිට් චමින්දලාගේ වසන්තය..?

0
329

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලකයන්ගේ ඉතාමත් කිට්ටු වන්තයින් වන්නේ රජයේ විවිධ කොන්ත්‍රාත් කටයුතු වලට අතගැසු අයයි. මෙයින් බහුතරයක් දෙනා අද කෝටිපතියන් බවට පත්ව ඇත.

මින් සමහර අයෙක් ඇමරිකාව වැනි රටවලින් දැවැන්ත කොන්ක්‍රිට් මිශ්‍රණ  යන්ත්‍ර පවා ගෙන්වන්නට බලාපොරොත්තු තබා සිටි අයයි.

ලංකාවේම කොන්ක්‍රිට් පාරවල් තැනිම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඒකාධිකාරය දරන්නේ දේශපාලකයන් දෙදෙනෙක් විසිනි.

චමින්දලා සහ සමන්තලා මේ දෙදෙනාගේ පිහිටෙන් අද මීගමුවේ සංවර්ධනය කෙසේ වෙතත් තමන්ව ගොඩදාගෙන ඇත.

එපමණක් නොව තමන්ගේ රථවල VIP යනුවෙන් ස්ටිකර් අලවාගන්නට තරම් ඉදිරියට ගොස් ඇත.

මේ රජය විසින් වසන්තය කැදවා ඇත්තේ බොරළු සමන්තලාට සහ කොන්ක්‍රිට් චමින්දලාටය.