බොලවත්තේ තරුපන්ති හෝටලයකදී කුඩා දරුවෙක් විදුලි සැර වැදී මරුට..

0
98

බෝලවත්ත කම්මල ප්‍රදේශයේ පිහිටි තරු පන්ති හෝටලයක නැවති සිටි විදේශීක කුඩා දරුවෙක් විදුලි සැර වැදි පෙරේදා (ජුලි 13) රාත්‍රි ජිවිතක්ෂයට පත්ව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ස්විස්ටර්ලන්තයේ පදිංචි ජර්මන් ජාතික ලොයිඩ් හෙන්රිච් නැමති වයස අවුරුදු 1 යි මාස 10 ක කුඩා පිරිමි දරුවෙකි. ඉකුත් ජුලි 11 දා සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ තම මව පියා හා සහෝදරයා සමග බෝලවත්ත කම්මල සූ.. රිසෝට් නැමති තරු පහේ හෝටලයේ නැවති සිට ඇති බවත් පෙරේදා (ජුලි 13) රාත්‍රි 8 ට පමණ භෝජනාගාරයේ මව හා පියා සමග කෑම ගනිමින් සිටියදි තම වැඩි මහල් සහෝදරයා සමග එම භුමියේ සෙල්ලම් කරමින් සිටින අතර තුර භෝජනාගාර බිමට සවි කර ඇති කුඩා විදුලි බල්බයක් ඇල්ලීමට යාමේදි මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය පැවසීය.

විදුලි සැර වැදීමත් සමග ඉවතට විසි වු දරුවාව බරපතල තත්වයේ සිටිම නිසා ආසන්නයේම පිහිටි දංකොටුව රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව දංකොටුව රෝහල් අරංචි මාර්ග පැවසීය. මෙම දරුවා හා මාපියන් ඊයේ  (ජුලි14) දිනයේ ලංකාවෙන් පිටවීමට සිට ඇති බවත් නොසිතු වෙලාවක සිදු වු අවසනාවන්ත සිදුවීමෙන් මාපියන් මෙන්ම හෝටල් සේවකයන්ද දැඩි කම්පනයකට ලක්ව සිටි. උතුරු ඔතර පළාත් හදිසි මරණ පරික්ෂක ලයනල් රූබසිංහ මහතාගේ ස්ථානීය පරික්ෂාවකින් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දරුවාගේ මළ සිරුර මීගමුව මෘත ශරිරාගාරයේ තැන්පත් කිරිමට දංකොටුව රෝහලින් මීගමුව රෝහලට යවා ඇත. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක රාජපක්ෂ හා සැරයන් 57475 පෙරේරා යන නිළධාරින් මෙ පිළිබඳව වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

ිමරස

 

චන්දන ප්‍රනාන්දු.