බොස්කෝපුර නිවාස සංකීර්ණයේ PCR සියල්ල නෙගටිව් !

0
78

බොස්කොපුර නිවාස 2(7.00am) බොස්කෝපුර නිවාස සංකීර්ණයේ පසුගියදා⁣ සිදුකර තිබුන PCR පරික්ෂණ 220  ප්‍රථපල ගැන සෘණාත්මක බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසා සි⁣ටිති.මිගමුව  අද මුහුණ දෙමින් සිටින අර්බුදකාරි තත්වය තුල බොස්කෝපුර නිවාස සංකීර්ණය තුල වෛරසය බරපතල ලෙස පැතිර යන්නට පටන් ගත්තේ නම් එය සැබැවින්ම බරපතල තත්වයක් නිර්මාණය කරනු ඇත.220 දෙනෙකු වෙනුවෙන් කරන ලද PCR පරික්ෂණ සෘණාත්මක විම සැබැවින්ම අස්වැසිල්ලකි.මේ වන විට බොස්කෝපුර නිවාස සංකීර්ණයෙන් වාර්තා වි ආසාදිතයන් ගණන 06කි.නිවාස 194කින් සමන්විත සුනාමි නිවාස සංකීර්ණය තුල වාසය කරන පුද්ගලයන් ගණන 800 ද ඉක්මවා තිබේ.