නාවික හමුදාව ත්රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්රදේශයේ අද (2022 දෙසැම්බර් මස 05) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු (20) රැගත් මෙරට බහුදින ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස කලවංචිකුඩි, මඩකලපුව, මූතූර්, යාපනය සහ මීගමුව යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස සහ බහුදින ධිවර යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, නීති විරෝධී සහ අවධානම් සහගත ලෙස මෙරටින් සංක්රමණය වීමට උත්සහ කර ජාවාරම් කරුවන්ගේ කූට උපක්රම වලට හසුවී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.
මේ අතර ප්රංශයේ රියුනියන් දූපතට බෝට්ටු මාර්ගයෙන් සෙනග රැගෙන යාමේ ජාවාරමක් ගැනද තොරතුරු වාර්තා වි ඇතැයි බුද්ධි අංශ පවසා සිටිති
මූලාශය- Navy.lk