බෝට්ටුවෙන් රට පනින්න හැදු 16 ක් මිගමුවේදි අල්ලයි !

0
103

IMG-20191205-WA0005මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාමට සුදානම්ව සිටි 16 දෙනෙකු අද අලුයම මිගමුවේදි අත්අඩංගුවට ගෙන තිබේ.වයස 23 ත් 44 අතර පසුවන මේ පිරිස නැගෙනහිර පළාතේ අය බව හෙළිව තිබේ.
නාවික හමුදාව සහ මිගමුව පොලිසිය විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලිමකදි මේ පිරිසව වැල්ලවිදිය දේවස්ථානය ඉදිරිපිට සුදුපාට වෑන් රථයක සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
තැරව්කාරුවන් කව්දැයි නිශ්චිත ලෙසින් හදුනාගැනිමට නොහැකිවන ආකාරයෙන් ජංගමදුරකථන මගින්ම  පමණක් ඉතා සියුම් ලෙසින් මේ වැඩපිළිවෙල සංවිධානය කර තිබේ.පළමු මුදල් කොටස බෝට්ටුවට නගින විටදි ගෙවිය යුතුව තිබුන අතර  ඉතිරිය නවසිලන්තවට ගිය පසුව ගෙවිමට මේ පිරිස එකග වි ඇත.