බෝඩිමේ සිය සුරතලාද කැටුව අද ගමට ගිය වෙළද කලාප යුවතිය..!

0
104

FB_IMG_1585316449788මේ Dailymirror කැමරා ශිල්පියා අද කටුනායකදී ගත් ඡායාරූපයක්. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන මේ තරුණිය ඇඳිරි නීතියට මුහුණ දෙන්න ගම්බිම් බලා යන අතර සිය සුරතලාවත් නවාතැනේ තනි නොකර ගෙන යනවා.
මේ කම්කරු තරුණිය බල්ලා ගැන දැක්වූ සැලකිල්ලවත් ඇයගේ ශ්‍රමයෙන් ධනය ගොඩ ගැසූ ඇය සේවය කළ කම්හල සහ ඇයගේ ශ්‍රමයෙන් උත්පාදනය වන විදේශ විනිමය භාවිතා කර ආශ්චර්‍යයේ සංදර්ශන පවත්වන රාජ්‍යයත් ඇඟලුම් කම්කරුවන් ගැන දැක්වූයේ නෑ. ඔවුන් නවාතැන් වල කොටු වුණා. ඔවුන් කන්නේ මොනවාද කියා කවුරුත් සොයා බැලුවේ නෑ. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න කීවම එහෙම කියන අය කඩාකප්පල්කාරීන් කිව්වා. සමාජයේ පන්ති පවතීද, නැතිනම් දැන් පන්ති අහෝසි වී ඇත්දැයි විවාද කරන අයට ඒ සඳහා මූලාශ්‍ර අද කටුනායකින් හා බියගමින් සොයා ගත හැකියි. කම්කරුවා සලකනු ලබන්නේ මිනිසෙකු ලෙස නෙවෙයි.
අන් කවරක් නැතත් වැඩකරන පන්තියේ ගෞරවය වෙනුවෙන් ධනවාදය පරාජය කළ යුතුයි. සමාජවාදය ගොඩ නැගිය යුතුයි.

සටහන -පුබුදු ජාගොඩ

ඡායා-ඩේලි මිරර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here