බෝම්බය පිපිරීමත් සමග මීගමුව රෝහල තුළ හදිසි තත්ත්වයක්

0
89

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය  තුළ  අද උදෑසන සිදුවූ බෝම්බ පිපිරීමෙන්  පුද්ගලයින් පනහකට අධික සංඛ්‍යාවක් මියගොස් විශාල සංඛයාවක් තුවාල ලබාඇතැයි රෝහල වෙත ගොස් සිටින ප්‍රාදේශිය  වාර්ථාකරුවෝ පවසා සිටිති..
මිය ගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව  තවමත් නිශ්චිතව තහවුරු කළ නොහැකි අතර මීගමුව රෝහල තුළ සිටින මීපුර වාර්තාකරුවෙකු කියා සිටින්නේ අධික කලබලකාරී ස්වභාවයක් මීගමුව රෝහල තුළ හා අවට ඇති බවත්  ජනතාවගෙන් රෝහල පිරීගොස් ඇති බවත්ය.
. එමෙන්ම රෝහල් සේවකයෙකු පවසා සිටියේ මේ අවස්ථාවේ රෝහලට  බාහිර සහයෝගයක් මේ මොහොතේ අවශ්‍ය බවයි. ලේ දන්දීමට  කැමති පුද්ගලයින් සිටිනවා නම් රෝහලට ලේ පරිත්‍යාග කිරීම් අවශ්‍ය මොහොතක් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.57338740_10219388444770621_4514723919084650496_n