බෝම්බ ප්‍රහාරයට මසක් පිරෙයි ! තුවාල වු මනස සුවපත් කරන්නට සායන වැඩසටහනක් ඇරඹෙයි!

0
119

IMG-7a460a7eb4c6c7dfea0de72634e6d3b2-V(9.10 am  දෙවන සංස්කරණය )මීගමුව  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  ව්‍යසනයෙන්  පසුව  එයට  මුහුණ දුන්  අය සුවපත්  කිරීම   සඳහාවූ   විශ්ෂ  උපදේශණ  ක්‍රියාවලියක්   ක්‍රියාත්මක  කෙරෙන බව  අපට  දැනගන්නට  ලැබින.  මේ  අනුව ඊයේ දින  මෙම  සිදුවීම  නිසා  විපතට  පත්ව  සිටින   සෑම  පවුලක්ම   හමුවී  ඔවුන්ගේ  මානසික  තත්වය  යථා තත්වයට  ගැනීම  උදෙසා  මෙම  වැඩසටහන  ක්‍රියාත්මක  කරන බව  මෙම    උපදේශන  කාර්්‍යාවලියේ  නියැලී  සිටින  මෙම වැඩපිළිවෙලේ උපදේශිකාවක් වන ශිරෝමි  ප්‍රනාන්දු  මහත්මිය  අපසමඟ  පැවසීය.
මියගිය  අයගේ  පවුල්  සහ  තුවාල  ලැබූ  අයගේ  පවුල් වලට  ගොස්  ඒ  අයගේ   මානසික  තත්වයට  අදාල  කටයුතු  අපේල්  22  දින  සිටම  ක්‍රියාත්මක  කළ බවත්, මෙය  මාස  තුනක  පමණ  දිගුකාලීන  වැඩසටහනක් බවත් ඇය සදහන් කළායIMG-d7d4749c749d4a06f6ad38923ccef44c-V
මේ සියළු  කටයුතු    සංවිධානය  කිරීම  සඳහා  මැදිහත්වන්නේ  පවුල්සේවා  අධ්‍යක්ෂක  ක්ලෝඩ්  නෝනිස්  පියතුමාය.  එමෙන්ම තවත්   පියතුමන්ලා  සහ  කන්‍යාසොයුරියන්  කිහිපදෙනෙකු  සමඟ ඊයේ  දින  ඒ සඳහා  35කට  වැඩි  පුහුණු  උපදේශක  වරු පිරිසක්  සහභාගි  වු  බවත්,   රාගම  සහ  මීගමුව  රෝහල්වල  වෛද්‍යවරු  20ක්  25 ක්  පමණ  මේ  සඳහා උදව්වෙන බවත්  ශිරෝමි  මහත්මිය  පවසයි.

මේ  ගැන  අදහස්  දැක්වූ  ශිරෝමි  ප්‍රනාන්දු   මහත්මිය 

අද  මේ  පවුල්  තුළ  පවතින  තත්වය  ඉතාම  කණගාටුදායකයි. ඔවුන්  නිතරම  බියෙන්   පසුවෙනව.  දියවැඩියාව,  හාදරෝග  ඇති  අයට  එම  රෝගී  තත්වයන්  වැඩිවෙන  තත්වයක්  තමයි  තියෙන්නෙ.  ඔවුන්  පල්ලිය  කිව්ව  සැණින්  බයවෙනව.  අපි  ගෙවල්වලට  යනකොට  සිස්ටර් ලගෙ  වේල් එකක්  දකිද්දිත්  බයයි.  කන්නබෑ,  රස්සාවක්  කරන්න බෑ,  දරුවන්ව  ස්කෝලෙ  යවන්න බෑ.  මේ අනුව ප්‍රදේශයේ   සාමාන්‍ය  ජනජීවිතය  අඩාලයි.

මෙම   උපදේශන  කටයුතු  නිසිලෙස  ක්‍රියාත්මක  කිරීම  උදෙසා  තාවකාලිකව  ස්ථානයක්  කුලියට  ගෙනඇති ඇති  අතර කටුවපිටිය  ප්‍රදේශයේ   වැඩිම  හානියක්  සිදුවී  ඇත්තේ  සෙබස්තියන්  මාවතේ  වන බැවින්  මෙම  උපදේශන  ක්‍රියාවලිය  සඳහා   ස්ථානය  ලෙස  තෝරාගෙන  ඇත්තේද  මෙම  මාවතයි.
කෙසේ  නමුත්  පවතින  තත්වය සමහන් වී ජන  ජීවිතය  යථා තත්වයට  පත්වීමට  යම්කිසි  කාලයක්  ගන්නා  බවනම්  පැහැදිළිය.
නමුත්    අප  ඔවුන්ට  නීරෝගී  සුවය  ඉක්මණින්ම  ලැබේවායි  හද  පතුලෙන්ම  ප්‍රාර්ථනා  කරමු.
මෙම ප්‍රහාරය හේතුවෙන් මිගමුවේ අවට ප්‍රදේශවල 113 දෙනෙකුට ජිවිත අහිමිව ගොස් 200ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here