බෝම්බ ප්‍රහාරයට ලක්ව මිගමුවේ දැඩි සත්කාර ඒකකයේ සිටි තවත් අයෙකු මිය යයි !

0
106

57602866_658104921314436_8534672111090794496_n(8.15 pm ) පාස්කු ඉරුදින මිගමුව කටුවාපිටිය දෙව්මැදුරට එල්ලවු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ආසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු   කාන්තාවක් ඊයේ මිය ගොස් තිබේ.
මේ අනුව මිගමුවේ මරණ ගණන දැන් 104 ක් ලෙස වැඩි වි ඇත.
රජය විසින් ඉදිරිපත් කරන ලද නිලගණන්වලට අනුව මිගමුවේ මැරුණ ගණන 102 ක් විය.ඉන් අනතුරුව වාර්තා වි තිබුනේ කොළඹ මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉතාලියේ මිලානෝ නුවර සේවය කරමින් සිටියදි නිවාඩුවට පැමිණි  කදිරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන ගණන දැන් 3 දක්වා අඩුවි ඇතැයි අප රෝහල් ආරංචි මාර්ග දක්වා තිබේ.රජය විසින් දැනට නිකුත් කර ඇති නිළ වාර්තාවලට අනුව බෝම්බ ප්‍රහාර වලින් මිය මුළු ගණන 253 ක් වන අතර ඉන් 104 දෙනෙකුම මිගමුව කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් මිය අය වෙති.මෙම 253 කේ රජයේ නිළ සංඛ්‍යා වලට මිගමුවේ මරණ දෙකද ඇතුලත් විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here