බෝලවලාන ග්‍රාමනිළධාරි කොට්ටාශයේ රාජ්‍ය නිළධාරින්ට පොහොට්ටුවෙන් තර්ජන ?

0
68

thugs( 10.00 am ) කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ජිවන මාර්ග අහිමිවු ජනතාවට සහන සැලැසිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක රජයේ රු 5000 දිමනාවට මිගමුවේදි විවිධ ප්‍රදේශ වලදි දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතින බව වාර්ථාවේ.
මේ අනුව ඊයේ දිනයේ බෝලවලාන ග්‍රාම නිළධාරි වසමේදි අදාල රාජ්‍ය නිළධාරින්ට ප්‍රදේශයේ පොහොට්ටු ක්‍රියාකාරින් පිරිසකගෙන් තර්ජනයක් එල්ලවි තිබුනේ. මේ සම්බන්ධයෙන් අදාල නිළධාරින් දැනටමත් මේ ගැන පැමිණිලි කර ඇතැයිද සැලය.
මේ ආකාරයෙන් විවිධ බලපෑම් එල්ලවිමෙන් අනතුරුව මේ රාජ්‍ය නිලධාරින් අවැසි විවිධ සහයන් සදහා සිටින ස්වේච්ජා සංවිධාන වල නිළධාරින් පවා දැන් තැති ගැන්මකට ලක්ව තිබේ.
ඇදිරි නිතියද ක්‍රියාත්මක මොහොතක අදාල පණිවිඩ යැවිමට මේ ස්වේච්ජා සංවිධාන සමාජිකයන්ගේ සහය ඉතාමත් වැදගත්ය.
කෙසේ වෙතත් කොරෝනා අවධානමටද මුහුණ දෙමින් ක්‍රියාත්මක රාජ්‍ය නිළධාරින් වෙත මේ අකාරයෙන් තර්ජනය කිරිම ශිෂ්ඨ දේශපාලනයකට කිසිසේතව නොගැලපෙන බව ප්‍රදේවාසින්ම පවසා සිටිති.