භුමිතෙල් ෂෙඩ් එකේ ඉඩම අවු:5 කට බදුදෙන්න සේපාලට තියෙන හදිස්සිය මොකක්ද ?

0
81

mykRPw4dpednSs5GaHS7I-gමීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විම හෙටට (2015.10.08)යෙදි ඇත.ඉන් අනතුරුව එය විසුරුවා හැරිමට නියමිතය.
තතු එසේ තිබියදි ආණ්ඩුපක්ෂ නාගරික මන්ත්‍රි සේපාල මොරවක මහතා අවසන් මහසභාවට යෝජනාවක් ගෙන එමින් කියා සිටින්නේ මීපුර සිනමා හල පිහිටා තිබුණද ඉඩමට පිටුපස ඇත්තේ ඉන්දන බෙදාහැරිමේ මධ්‍යස්ථානය පිහිටි ඉඩම එය පවත්වාගෙන යන ලෙනාඩ් පිරිස් නැමැත්තා හට වසර 2021 දක්වා බදුදෙන ලෙසය.
මෙම යෝජනාවට කමල් සිල්වා ,විනිසියස් ප්‍රනාන්දු,ෂෙල්ටන් ප්‍රනාන්දු,දයාල් නිලංග ,සහ දයාන් ලංසා යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ද එක් සිටිති.
මේ දිනවල මෙම යෝජනාව පිටුපස ඇති විවිධ ගණුදෙනු ගැන  ප්‍රසිද්ධ කසුකුසුවක් තැන තැන ඇතිව තිබෙන බවද වාර්ථා වේ.
වසර 5 ක කාලයකට කෙසේ හෝ මේ ඉඩම බදුදිම පිළිබදව සේපාල මොරවක මන්ත්‍රි තුමාට ඇති ඇත්ත උනන්දුව ගැන මීගමුවේ බදු ගෙවන ජනයාට දැනගැනිමට සැලැස්වීමට අප ඉදිරියේදි බලාපොරොත්තු වෙමු.sepala proposal