අප්‍රේල් 25 වන දින නේපාලයට බලපෑ දරුණු භූකම්පනයෙන් පසු පසුගිය මාස කිහිපය පුරාම විවිධ ප්රමාණවල අගයන්ගෙන් යුත් පසු කම්පන නේපාලය තවතවත් පීඩාවට පත් කරණු ලැබුවා. ඒ අතරිනුත් විනාශකාරී භූකම්පන 3ක් විශේෂ වෙනවා. එම භූකම්පන හේතුවෙන් 8000ක පමණ පිරිසක් මියගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 16000 ඉක්මවනවා. එමෙන්ම ඒ නිසා අවතැන් වූ සංඛ්‍යාව මිලියන දෙකකට අධිකයි.
මෙවැනි විශාල විනාශයක් සිදුවීමෙන් අනතුරුව නේපාලය ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව ලෝකයටම ඉදිරිපත් කිරීමට පිරිසක් මේ වන විට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ඒ නේපාලයේ විවිධ ප්‍රදේශ වල දෛනික ජීවිතය ඡායාරූප ගතකර එය ලොව පුරා බෙදාහරිමින් .මේ ක්‍රියාවලිය මුලින්ම ආරම්භ කර ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවර හා ඒ අවට වෙසෙන ඡායාරූප ශිල්පීන් 10 දෙනෙකුගේ එකතුවකින්. ඒ සදහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ නේපාලයේ ඡායාරූප ශිල්පියෙකු වන Sumit Dayal හා ලේඛකයෙකු වන Tara Bedi විසින්.ඔවුන්ගේ මේ ප්රයත්නය අගය කරමින් “Instagram” හරහා 61400ක පමණ පිරිසකුත් “Facebook” හරහා 7600ක පමණ පිරිසකුත් ඔවුන් හා එක්වී තිබෙනවා.
මේ සදහා ලැබෙන ඡායාරූප වලට මූලිකවම දායකත්වය දක්වන්නේ සාමාන්‍ය ජනතාව බවයි ඔවුන් පවසන්නේ. මේ සදහා ඔවුන් ප්‍රධාන වශයෙන් තේමා කරගෙන ඇත්තේ භූ කම්පනයෙන් පසු එරට සිදුවන දේපල වැනසීම්, මුදවාගැනීමේ කටයුතු, සහන සේවා, ප්‍රතිසංස්කරණ කටයුතු, හා ඉදිරියට ජීවත් වීම සදහා ජනතාවගේ බලාපොරොත්තු යන ඒවයි.
මෙහි නිර්මාතෘවරුන් පවසන පරිදි මේ ප්රයත්නය මෙතරම් ජනප්‍රිය වන්නට හේතුව වන්නේ එහි ඇති සරල බවයි. ජායාරූප පලකිරීමේදී ඔවුන් #nepalphotoproject ලෙස දක්වන අතර පලකරන සෑම ජායාරූපයකම පහළින් එම ජායාරූපයේ කථා තේමාව ඉිදිරිපත් කිරීමටත් ඔවුන් තීරණය කර තිබීම මෙහි තවත් එක් විශේෂත්වයක්. ඒ අතරම ඔවුන් වර්ථමානය වන විට වැඩි ඉඩක් ලබා දෙන්නේ ගොඩනැගෙන නේපාලය දැක්වෙන ඡායාරූප වලට බවත් සදහන්.
පහතින් දැක්වෙන්නේ මේ ව්‍යාපෘතිය හරහා පළවූ ඡායාරූප කිහිපයකි.
(ග්ලෝබල් වොයිස් ඇසුරෙනි )
මිතිලායා ගමගේ