භූමියට, ජලයට සහ බීජ වලට ඇති අයිතිය රැකීමට ශී‍්‍ර විමුක්ති කාන්තාවෝ පෙරට එති

0
56

එළඹෙන ඔක්තෝබර් 09 දාට යෙදෙන ලෝක ආහාර දිනය නිමිති කර ගෙන මීගමුව ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානය ම`ගින් ඔක්තෝබර් 09 දා සිට 16 වැනිදා දක්වා
ජාතික විරෝධතා සතියක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඔක්තෝබර් 03 වැනිදා සවස එම
සංවිධානයේ ප‍්‍රධාන කාර්්‍යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී මේ බව අනාවරණය කෙරිණි. මේ වන විට ශී‍්‍ර ලංකාවේ දිස්තී‍්‍රක්ක රැුසකම රජය විසින් දියත් කරන සහ දියත් කිරීමට බලාපොරොත්තු වන විවිධ ව්‍යාපෘති මගින් ආහාර නිෂ්පාදනය ස`දහා අත්‍යාවශ්‍ය සාධක
වන භූමිය, ජලය සහ බීජ වලට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් තිබේ.
විශේෂයෙන් එදිනෙදා ආහාර වේලට නැතිවම බැරි මසුන් වැඩි වශයෙන් නිෂ්පාදනය
වන සහ වැඩි වශයෙන්ම එම ව්‍යාපාරය පවතින ප‍්‍රදේශයක් වූ මීගමුව පුරවරය තුල
අද වන විට එම කර්මාන්තය නිසි ලෙස කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇත.
රජය විසින් මීගමු ප‍්‍රදේශයේ දියත් කිරීමට බලාපෙරොත්තු වන සංචාරක කර්මාන්ත වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතීන් නිසා කලපුව ගොඩ කිරීම සහ කලපුව දුෂණයවීම මේ වන විට පාලනය කල නොහැකි තත්වයකට පවා පත්ව තිබේ. මෙවැනි නීතී විරෝදී කටයුතු වලට අනුබල දෙන ප‍්‍රාදේශීය දේශපාඥයින් සහ සමහර වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ගේ
අනුග‍්‍රහය මත මෙම කටයුතු මේ වන විටත් අඛන්ඩව සිදු වෙමින් පවතී.
පරම්පරා ගතව කලාන්තරයක් තිස්සේ අස්වැද්¥ කෘෂිකාර්මික ඉඩම් සහ වෙනත් සංවේදී පාරිසරික වශයෙන් අගනා ඉඩම් මේ වන විට රජයේ විවිධ ව්‍යාපෘතීන් නිසා ඒවා හිමි ජනතාවගෙන් බලහත්කාරයෙන් කොල්ලකමින් තිබේ.. මෙවැනි තත්වයක් නිසා
මෙරට තුල ආහාර නිෂ්පාදනයට එල්ල වන බලපෑම සු`ඵපටු නොවේ. එලෙස අසාධාරනයට ලක් වූ ජනතාව වෙනුවෙන් හ`ඩක් නැගීමටත් එලෙසම ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලියට ඇති බාධා ඉවත් කරලීම වෙනුවෙන් වගකිව යුතු නිලධාරීන් සහ බලධාරීන් ඇතු`
ඵ සමස්ථ ජනතාව දැනුවත් කිරීම මෙම ජාතික විරෝධතා සතිය තුල තම සංවිධානය මගින් සිදු කරන බව මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කෙරිණි. මේ අනුව උද්ඝෝෂන, විරෝධතා පාගමන්, ආගමීක වැඩසටහන් , සහ සංදේශයකට අත්සන් ලබා ගැනීමේ කි‍්‍රයාවලියක්
ඇතුඵ බොහෝ කාර්්‍යයන් මෙම සතිය තුල එම සංවිධානයේ මුලිකත්වයෙන් සිදු කෙරෙන බව ද එහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරිණි.

මෙම මාධ්‍ය සාකච්ඡුාවට ශී‍්‍ර විමුත්ති ධීවර කාන්තා සංවිධනයේ සුභාසනී,
මිලිනා කුමාරී සහ ශිරාණි ප‍්‍රනාන්දු ඇතු`ඵ සමාජිකාවන්ද ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා
ඇතුඵ මීගමුව ප‍්‍රදේශයේ ධීවර කී‍්‍රයාකාරිහු කිහිප දෙනෙකුම සහභාගී වූහ.