මිගමුව සහ තලාහේන පේරුව යාකරන මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු මේ වන විට පුපුරා යන්නට පටන්ගෙන තිබුණි
.මෙහි ඇති එවැනි කණු බහුතරයක් මේ ආකාරයෙන් පුපුරා ගොස් ඇති අයුරු මිගමුව හිටුප නාගාරික මන්ත්‍රීවරයෙකු වන සංගිත් ප්‍රනාන්දු මේ වෙනුවෙන්ම ගිය විශේෂ නිරික්ෂණ චාරිකාවකින් පසුව 2019 දි මේ ඡායාරුප මිපුර වෙබ් අඩවියට එවා තිබුනි
මේ තත්වය ගැන බලන කළ කඩිනම් මැදිහත්විමක් මේ වෙනුවෙන් සිදුකළ යුතුව තිබුණි. එහෙත් අදාල බලධාරින් ක්‍රියාත්මකව තිබුනේ නැත.
මේ දිනවල මේ කණු පිළිසකර කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව පෙනේ . මේ සම්න්ධයෙන් මිගමුවේ සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙකු වන නාමල් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියෙ මෙහිදි කාර්යයන් දෙකක් සිදුවෙමින් ඇති බව නිරික්ෂණය කළ බවය.
දැනට මේ සදහා කණ්ඩායම් දෙකක් විසින් මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මකය. එක් කණ්ඩායම් කිමිදුම් කණ්ඩායමකි. ඔවුන් පාලම යටට කිමිදි මේ කණු වලබැදි ඇති කාවාටි ගලවා දමා කණු පිරිසිදු කිරිමක නිරිත වන බව පෙනේ .
මේ කණුවල කැඩුන තැන් වලට යලිත් නිසි ලෙසින් කොන්ක්‍රිට් අතුරා එය ශක්තිමත් කළ හැක්කේ නිසි ලෙසින් මුලින් ඒවා පිරිසිදු කිරිම තුලින් බව නාමල් කියා සිටියේ .
අනික් කණ්ඩායම් වන මාර්ග සංවර්ධන අධිකාරියයි,
,
මේ ආවධානම ගැන මිපුර අපි සංගිත් විසින් ලබා දුන් ඡායාරුපද යොදාගෙන කරුණු හෙලිදරව් කළෙමු.
දැන් 2025 ත් ලබා අවසන්ය.
කෙසේ වෙතත් පමා වි හෝ නිසි ලෙසින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ නම් එය සැබැවිනන්ම වටිනා දෙයකි.
තලාහේන පේරුවත් මිගමුවත් යා කරන ප්‍රධානතම පාලමක් වන්නේද මේ පාලමයි.