මංකොල්ලකාරයෝ අල්ලගන්න බැරි පොලිසියට උද්ඝෝෂකයෝත් පාට් දමති.

0
80

1ඊයේ මීගමුවේ ගොල්ඩි සැන්ඩ්ස් හෝටලයට මීගමුවේ ප්‍රධාන පොලිස් නිළධාරින් සියල්ලම පාහේ පැමිණ සිටිනු දක්නා ලදි.
මේ අතර මීගමුව කොට්ටාශ පොලිස් අධිකාරිවරි ජයන්ත ලියනගේ මහතාද විය.
පොලිස් නිළධාරින් 50 කට අධික ප්‍රමාණයක් සිටි අතර කැරලි මර්ධන පොලිසියේ සුළු පිරිසක්ද එහි විය.
100 කටත් අඩු උද්ඝෝෂකයන් පැය 4 කටත් ආසන්න කාලයක් හෝටලය ඉදිරිපිට රැදි සිටිමින් සිටියද ඔවුන් එම ස්ථානයෙන් බැහැර කිරිමට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තා පමණක් නොව හෝටල් පරිශ්‍රයටම කිසිදු බාධාවකින් තොරව පැමිණිමටද ඉඩ ලබා දි තිබුණි.
මේ සමස්ථ ජවනිකාව නිරික්ෂණය කිරිමේදි පැහැදිලි වු එක් කරුණක් වුයේ පොලිසියි කිසිවිටකත් මේ උද්ඝෝෂකයන්ට තදින්ම ක්‍රියාත්මක වෙමින් අදාල හෝටලය තුල සාමය පවත්වාගෙන යාමට අවැසි පරිසරය ගොඩනැගිමට අවශ්‍ය පියවරයන් ගැනිමට අපොහොසත් විම නිසා  මේකි උද්ඝෝෂණය රජයේ කිසියම් බලවන්තයෙකු විසින් මෙහෙය වු පවකි.
පසුගිය නොවැම්බර් මාසයේදි පොදු රද මඩුලු සමුළුව සදහා පැමිණි වැනල් 4 නාලිකාවේ කැලම් මැක්රේ ඇතුළු පිරිසට එරෙහිව උද්ඝෝෂණය සංවිධානය කර  තිබුනේද මීගමුවේ මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද ජාතික සමගිය ගොඩනැගිම සදහා වු සංසදය නම් වු සංවිධානයයි.එහිදිද පොලිසිය ක්‍රියාකලේ මේ මන්දගාමි ස්වරූපයෙන්මය.
විශේෂයෙන්ම මෙහිදි සදහන් කළයුතුම එක් දෙයක් වන්නේ පසුගිය කාලය තුල මීගමුව තුල ක්‍රියාත්මක වු මංකොල්ලකෑම් සම්බන්ධයෙන් හොරු ඇල්ලිමේදිද මීගමුව පොලිසිය බරපතල පසුබෑමකට ලක්ව සිටි.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා නොහික්මුන මේ උද්ඝෝෂකයන් දෙස මහත් අසරණව බලා සිටින අයුරු විසින් කියා සිටින්නේ කුමක්ද?
ඔවුන්ගේ අත් බැද ඇති බවද ?