මංගලගම පොලිසියේ OIC සහ මීගමුවේ පොලිසියේ OIC ….?

0
86

නීතිය හා සාමය ආරක්ෂා කරමින් පොලිසිය ලොකු සේවාවක් ඉටුකරනවා. ඒ නීතිය වෙනුවෙන් වගකීම ඉටුකලාට මිනිසත්කම වෙනුවෙන් යුතුකම ඉටුකරන්න අම්පාර මංගලගම පොලිසියට බැරිවුණ නිසා ඊයේ (11) ලොකු උණුසුමක් ඇති වුණා.

හසලක ජීවත් වන අම්මගේ වයස අවරුදු 102ක්. එය දැන් ඉන්නේ කෙවිලියාමඩුව ගමට ඇවිත්.

එයාලගේ ළමයි එය ගැන හොයල නොබැලුවට හුගක් අසරණ මේ අම්ම ගැන හොයලා බලන්නේ එක මුනුපුරෙක් විතරයි.

ගම්වාසීන් කළ දැනුම්දීමකට අනුව ඊයේ කෙවිලියාමඩුව මංගලාරාම විහාරයේ නායක හාමුදුරුවෝ අම්පිටියේ සුමනරතන හිමි ඒ අම්මගේ සැපදුක් සොයා බලන්න වැඩියා.

ඒ මොහොතේ ගමේ උදවිය එක්ක මේ අම්මටයි මුනුපුරාටයි උදවු කරන්න සුදානම් වුනු ය ඒ ගැන මංගල ගම පොලිසියට දැනුම් දී තිබුනා.

මෙච්චර දවසක් මේ ගැන හොයල නොබලපු මංගලගම පොලිසිය ඉන්පසුව එතනට පැමිණ කළේ ගමේ අය කරන්න හදපු වැඩේට විරුද්ධ වෙලා මේ අම්මව වැඩිහිටි නිවාසෙකට ගෙනියන්න කියපු එක.mangala-256x180සමන්තිලක මහතා
මේ සටහන තිබුනේ ස්වර්ණවාහිනියේ live 8  නාලිකාවේ විකාශය වෙච්ච  පුවතක් ගැන ……
පොලිසිය ඉල්ලන් කන හැටි දැක්කම ලැජ්ජාවේ බැරුවා.
ඒ  පොලිස් නිළධාරියා කොච්චර උද්දච්ච මිනිහෙක්ද කියන රටම දැක්කා

පොලිස් නිළධාරියෙක් වුණාම හැමවේලාවෙම තැනට සුදුසු නුවන දාල නිතිය හා සාමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ.
මේ වෙලාවේ මට මතක් වුනේ පසුගිය දවසක මීගමුවෙ තිබිච්ච දැවැන්ත ධීවර උද්ඝෝෂණයක් වෙලාවේ මීගමුවේ පොලිසියේ ස්ථානාධිපති වරයා කටයුතු කරල තිබුන විදිය ගැන..
ධීවරයෝ  අරගලයකට පාරට බැස්සම පාලනය කරගන්න එක හරිම ආමාරුයි .මොකද පාරට බැහැල පැය කිපයක් යද්දි මේ අයගෙන් බහුතරයක් සූර් වෙනවා .කොහෙන් හරි ඒ ටික කරගන්න මේ අය දන්නව නොදන්න නගරෙකදි  හරි ඕන දෙවල් හොයාගන්න මෙයාලට ඉව තියෙනවා

ඉතින් එදා මීගමුවේ දි රටවටින්ම ආපු ධීවරයෝ කොළඹ හලාවත ප්‍රධාන පාර බ්ලොක්  කරල වාහනවලට ඒ හරහා යන්න දුන්නෙ නැ .
නමුත් මීගමුව පොලිසිය මේ ධිවරයොත් එක්ක ගැටුමකට යන්නේ නැතිව මේ කොටස මගහැරල යන්න පුලුවන් විදියට විකල්ප පාරවල් වලින් වාහන ටික යවන්න සැලසුම් කළා .
මේ හින්ද ඒදා ලොකු ට්‍රපික් එකකුත් නිර්මාණය වෙල තිබුණා.ඒ හින්ද එදා පාරේ රස්සියාදු වෙච්ච මිනිස්සු පොලිසිය බැන බැන යන්නත් ඇති….
ඒක එහෙම කළමණාකරනය කර ගත්ත කියමුකෝ
උන්ට මුං ටික කොච්චිපාරත් අවහිර කරලා කොච්චියකුත් නවත්ගත්ත.දැන් කාට කියන්නද .පැය භාගයක් විතර මුං ටික කොච්චියට යන්න දෙන්නේම නැ.මේ කොච්චියේ හිටිය හලාවතට කොච්චියෙන් යන්න ඇවිල්ල හිටිය විදේශිකයන් පිරිසකුත් .දැන් මොකද කරන්නේ .
අනේ පොලිසිය ඉතාමත් හොදින් කල්පනා කරලා වායුසමනය කළ බස්රථ දෙකක් සුදානම් කරගෙන ඒ අයව ඒ බස්වලට නංගලා කරදයක් නැතිව හලාවතට යන්න සැලැස්සුවා.
මේ හැම තැනකම ධීවරයෝ හිටියේ ගේම ඉල්ලමින්
පොලිසියෙන් පුංචි වචනයක් එහා මෙහා වුණානම් එදා ඉතින් පොරියල් තමයි.
උදේ ඉදන් හැන්දැවේ වෙනකම්ම පාරවල් බ්ලොක් කරගෙන හිටුප මේ ධිවරයන් එක්ක අනවශ්‍ය ගැටුමක් ඇති කරගන්නෙ නැතිව ඉතා හොදින් තත්වය තේරුම් අරගෙන මේ නොහික්මුණූ ධිවර විරෝධතාකරුවන්ව යන්තම් ආම්බාම් කරගෙන තිබුන.
ඒක කරන්න මුල් වෙලා තිබුනේ මීගමුවේ පොලිසියේ ස්ථානාධිපති සමන්තිලක මහත්තයාගේ මුලිකත්වයෙන්.NGB protest 9jpg.jpg.jpgNGB protest 2.jpg
වලං කාරයගේ අවුරුද්දක වැඩ පොලු කාරයට එක දවසයි කිව්ව වගේ මංගලගම පොලිස් නිලධාරියා මුලු පොලිස් දේපාර්තමේන්තුවෙම නමත් කැත කරල මහ මෝඩ තකතිරුවෙක් වගේ තමයි කටයුතු කරල තිබුනේ.
මීගමුවේ පොලිසියත් එහෙම පිස්සට හැතැක්ම නැ වගේ වැඩකරන්න ගියානම් මොකද  එදා වෙන්නේ .????????