මංගලට එරෙහි වෙන්න ගිය මෛත්‍රි මිගමුවේ දි පච වුණ හැටි !

0
167

Mangala picකාර්දිනල් හිමියන් විසින් පසුගිය දා කරන්නට යෙදුන මානව හිමිකම් විරෝධි ප්‍රකාශයට ප්‍රතිපත්තිමුලික දේශපාලන පිළිතුරක් දුන් මංගල සමරවිර ඇමතිවරයා මෙවරත් ඔහු දේශපාලන සත්වයෙකැයි මේ සමාජය තුල සනිටුහන් කර තිබේ.
ඇමති මංගලගේ සෘජු දේශපාලනික ප්‍රකාශයන් පිළිබදව මයික් ඉදිරියට ගොස් දේශපාලනික නොවන ඇතැම් එජාප මන්ත්‍රිලා නාගත්තු හැටිද අප දුටිමු .
කාවින්දලාගේ  සහ අප්ප්හාමිලාගේ දේශපාලනයේ දිගපළල සහ මානවහිමිකම් විරෝධය  රෙදි ගලවාගෙනම පසුගියදා රටටම පෙන්වා දි තිබුණි.මෙයාල කොහොමටවත් දේශපාලන සත්වයන් නොවන අප එදා සිටම කියන්නේ නිකම්ම නොවේ.
තතු මෙසේව තිබියදි නිකමට වෙනත් වැඩකට මිගමුවට පැමිණ සිටි මෛත්‍රි ගුණරත්න කල්පනා කළේ දඹුලුත් ගොහින් තලගොයිත් මරා ගන්නටය.
එසේ සිතු ඔහු කල්පනා මාධ්‍ය ඉදිරියේ පොරක් වෙමින් මංගලට පහර ගහන්නට මිගමුව මේ වේලාවේ හොදට භුමිය වෙතැයි කියාය.ඔහු සිතුවේ මංගල එරෙහි කතෝලික ජනයා දහස් ගණනින් පාරට පැමිණේ වි යැයි කියාය.
එනම් නිමල්ලංසා කතෝලික ජනයාව බස්සවන්නට පෙර තමන් කතෝලික ජනයාව පාරට බැස්සුව යැයි කියා විරයෙකු විය හැකියැයි ඔහු සිතන්නට ඇත.
මේ අනුව ඊයේ දිනයේ ඇමති මංගලට එරෙහිව මිගමුවේදි විරෝධතාවක් පවත්වා තිබුණි. මෛත්‍රි කණ්ඩායමේ ආධාර ලබන colombotoday වෙබ් අඩවියට අනුව එය මංගලට එරෙහි මිගමුවේ කතෝලික ජනයා වීදි බැසිමකි.

අනේ අපොයි මෛ විරෝධයට පැමිණ  සිටියේ මෛත්‍රිගේ ආසන සංවිධායක වන කපිල නන්දුසුලෝචන විසින් ආමාරුවෙන් රැස්කරගත් අතලොස්සක් පිරිසකි..
බුද්ධි අංශ වාර්තා විසින් හෙළිකර සිටියේ මේ සදහා පැමිණ සිටි පිරිස 20 ක් පමණ වන බවය.
කෙහෙලේ ඇවරියෙන් ලංකාවේ වැඩිම ඡන්ද ගත් මන්ත්‍රිවරයා වශයෙන් නමක් තබා ඇති කපිල නන්දසුලෝචනද සිය නායකයාගේ ගොන් පාට් නිසා මිගමුවේ ද අසරණ විය.
ඒ ඉතාමත් අසාර්ථක විරෝධතාවක් සංවිධානය කිරිමට සිය නායකයා නිසා සිදුව තිබිම හේතුවෙනි.