මංගල උත්සවලදි මත්පැන් ලබාදිමට අවසර ලැබෙයි !

0
108

කොවිඩ් වසංගතය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනස්කමක් සිදුකර ඇති අතර නව මාර්ගෝපදේශ මාලාව අද සිට ලබන දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇතැයි සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිති.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැක්කේ අදාළ උත්සව ශාලාවේ පවතින ධාරිතාවෙන් සීයයට 50කට පමණක් වන අතර විවාහ මංගල උත්සව සඳහා මිට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබු අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ඉවත් කර ඇත.