මංගල නිසා රටින් පැනපු ජයම්පතිට වෙච්ච දේ !

0
271
jayampathiරාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව පතා රටින් පලාගිය මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා හා ඔහුගේ බිරිඳ යලි මෙරටට පැමිණීම සඳහා සහෘද ඔබගේ සහය පතයි.

ඔවුන් දෙදෙනා සමග ජිවිත ආරක්ෂාව සඳහා රටින් පලාගිය ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මහතා ද මේවනවිට දේශපාලන රැකවරණ ලැබ නේපාලයේ තාවකාලිකව පදිංචිව සිටි.

‘යහපාලන ආණ්ඩුව’ පිහිටුවීමත් සමග, එසේ රටහැර ගිය මාධ්‍යවේදීන්ට යලි මෙරටට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවෘත ආරාධනයක් කළේය. ඒ අනුව,  ජයම්පති හා ඔහුගේ බිරිඳද  යලි මේ රටට ඒමට තීරණය කල නමුත්,  ඒ සඳහා ඔවුන් නේපාල රජයට යම් ගෙවීමක් කල යුතුව තිබිණ.

ඒ සඳහා නේපාලයේ තානාපති නිලධාරීන් හරහා මැදිහත්විමක් කර සහනයක් ලබාදෙන ලෙස ඔවුන් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හා විදේශ අමාත්‍යංශයෙන් සති කිහිපයක් පුරා කිහිපවරක්ම ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එම තත්වය තුල නේපාල රජයට ගෙවිය යුතු මුදල සොයා ගැනීම සඳහා ඔවුන් ඔබේ සහය අපේක්ෂා කරති.

ජයම්පතිය යන්න වුනේ මංගල නිසා :

ජයම්පති මහතාට රාජපක්ෂ රෙජීමයෙන් ජීවිත තර්ජන ඒමට මුල්වූ කාරණය වන්නේ, 18 වන ව්‍යවස්තා සංශෝධනයට එරෙහිව ඔහු විසින්  මුද්‍රණය කල  ‘ඒකාධිපතියා’ නම් පොස්ටරයයි.Eka Adipathi pos LeN 08.09.10 1

එම පෝස්ටරය සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකුවූ, වර්තමාන විදේශ ඇමති වන මංගල සමරවීර මහතා හතරවන තට්ටුවට ගෙනගොස් ප්‍රශ්ණ කල අතර, එහිදී මන්ත්‍රීවරයා එජාප මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස එම පොස්ටරයේ  වගකීම බාරගනු ලැබිය.

කෙසේවුවද අනතුරුව ද ජයම්පති මහතාට දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවිය.

ජයම්පති මහතාගේ  දුරකතන අංකය  009779803087573

මේ සම්බන්ධයෙන් ජයම්පති මහතා මාධ්‍යයට යොමුකර ඇති ලිපිය පහත පළවේ.

සහෝදර සහොදරියනි,

මා විසින් නැවත රටට පැමිනීමට  දැරූ උත්සාහයේ  සියලු ලිපි ලේඛණ මේ සමග එවමි.   මාගේ අත්දැකීමට   අනුව  ඒවා සියල්ල  අසාර්ථකය. එය විදේශ සේවා ඇමතිවරයා හෝ ඔහුගේ නිලධාරීන්ගේ  ඇති උද්දච්චකම හෝ අකර්මණ්‍යකම හැර අන් යමක් මට නොපෙනේ.

නේපාලයේ සිටින තානාපතිවරයා වරක්  මා සමග ප්‍රකාශ කලේ  අප ලාංකික පුරවැසියන් නොවන නිසා මෙයට ඔහුට මැදිහත්විය නොහැකි බවයි. මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම්  තුසිත හල්ඔළුව නැමැත්තා  මාස 3ක් ම අපව නැවත රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පවසමින්  අපව රස්තියාදු කරමින්  නේපාල තානාපතිවරයාට සියළු උපදෙස් දී ඇති බවත් ඔහු මුනගැසී  රටට ඒමට කටයුතු  සලසාගන්නා ලෙසත්ය.

මා පුද්ගලිකව දන්නා යහපාලන රජයේ බොහෝ මිතුරන්ට  දුරකතන ඇමතුම් දීම සදහාද  මා රුපියල් 5000ට ආසන්න මුදලක් වැය කර ඇත.  සියල්ලන්ගේ පිලිතුර බලමු යන්න පමනි.  මෙම ප්‍රමාදය  නිසා මේවන විට අපට ඩොලර් 900ක් අතිරේකව ගෙවීමට සිදුව ඇත. විදේශ සේවයේ  එම නිලධරයන් දැන්  කියනුයේ එම මුදල ගෙවීමට  මුදල් නොමැති බව හා මුදල් සොයන තුරු  ඉවසා සිටින ලෙසය.

නේපාල රජය පසුගිය සතියේද 73දෙනෙකු මුදල් නොමැතිව විසා ලබාදුන් බව නේපාල මාධ්‍ය වාර්තා කලේය.

යහපාලන රජයේ බලධාරීන් නේපාල රජයට අපව නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට මුදල් යන්නේ නැත.

මංගල සමරවීර ඇමතිවරයා මුන ගැසී මේ ගැන සාකචාඡා කිරීමේ  අවස්ථාවක් ලබාගැනීමේ උත්සාහයක්  දැරුවද එයද අසාර්ථක විය. එයට හේතුවක් ලෙස  ඔහුට අධික වැඩ ඇති බව ඔහුගේ සමීපතමයන්ගෙන් දැන ගැනීමට ලැබුනි.

මෙහි සිනහ උපදවන කරුණ වන්නේ  අපට රාජපක්ෂ රෙජීමයෙන්  ජීවිත තර්ජන ඒමට මුල්වූ 18වන ව්‍යවස්තා සංසෝධනයට එරෙහිව මා මුද්‍රණය කල  ඒකාධිපතියා නම් පොස්ටරයට එවකට විපක්ෂයේ මංත්‍රීවරයකුවූද  වර්තමාන විදේශ ඇමති වන මංගල සමරවීරද  හතරවන තට්ටුවට ගෙනගොස් ප්‍රශ්ණ කිරීමත් ඔහු එම පොස්ටරයේ  වගකීම ගැනීමත්ය.

එම නිසා  නොකෙරෙන වෙදකමට  කොන්දුරු තෙල් හත්පට්ටයක්  හා තව ටිකක් ඕනෑ යනුවෙන්  කියමන සිහිගන්වමින් සිටින විදේශ සේවා ඇමති මංගල සමරවීර හා ඔහුගේ  නිලධාරීන් ඉදිරියේ එළුවාගේ ඇටදෙක වැටෙන නරියා සේ  බලාසිටීමට අපට  සිදුව ඇත.

යහපාලක එලුවාගේ ඇට  පුරවැසි අප වෙනුවෙන් බිම වැටෙන්නේ නැත.  මෙම ඩොලර් 6000ක මුදල්  මිතුරු මිතුරියන්ගෙන් එකතුකර  මාගේ බිරිඳ නැවත රටට යැවීමට මා තීන්දු කර ඇති බැවින්  ඔබට හැකියාවක් තිබේ නම්   ඒ සදහා සහෝදර  මූල්‍යමය දායකත්වයක් ලබාදීමට හැකිනම්  බෙහෙවින් ස්තුතීවන්ත වෙමි.

මෙයට හැකිනම්  මාධ්‍ය ප්‍රචාරයක් ලබාදෙන්න . මෙය ඔබේ මිතුරු මිතුරියන් අතර හැකිපමන දැනුවත් කරන්න.

මගේ දුරකතන අංකය  009779803087573

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here