මංගල සභා වාරයේදීම වෙන්නප්පුව ප්‍රා.සභාපති පුද්ගලික න්‍යාය පත්‍රය ඉටුකර ගනියි

0
80
SONY DSC

අද (11) වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මංගල සභා වාරය පැවත්විණි. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කලින් 25ක් වූ මන්ත්‍රීධූර  44 ක් දක්වා වැඩීව්ම හේතුවෙන් මෙතෙක් මන්ත්‍රිවරුන්ට මාසිකව ලබාදුන් සන්නිවේදන දීමනාව මෙන්ම සභාව රැස්වන දිනවලදි ලබාදුන් දිවා ආහාරය  වියදම් අධික විම හේතුවෙන් කපා හැරීමට සියල්ලෝම එකඟවී ඇත. නමුත් සභාපති සුසන්ත පෙරේරා මහතාගේ  පුද්ගලික කාර්්‍ය මණ්ඩලය සඳහා නව නිලධාරීන්  දෙදෙනෛකු පත්කර ගැනීමට යෝජනාවක්  ඉදිරිපත්කර ඇති අතර මේ යෝජනාවට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වී තිබේ. විපක්ෂනායක එජාප මන්ත්‍රී ශිරෝන් ප්‍රනාන්දු විසින්  සභාපතිවරයාගේ මේ ක්‍රියාකලාපය යම් විවේචනයකට ලක්කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව තුළ මේ වන විට දේශපාලන පත්වීම් ගණනාවක්  ඇති කාර්්‍යභාරයක් නොමැතිව පඩි ලබන සේවකයන් සිටින  පසුබිමක් යටතේ නැවතත් මෙවැනි නිලධාරීන් පත්කර ගැනීම අනවශ්‍ය මුදල් වැය කිරීමක් බවට අදහස්  කරමිනි. කෙසේ නමුත්  සභාපති සුසන්ත පෙරේරාගේ යෝජනා සියල්ලෝම ස්ථීර කර ඇත.30572067_2045766948799361_3629860166758825984_n ඡායාරූප උපුටා ගැනීම – චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරුගේ මුහුණු පොතෙන්

Save