
මිට තෙමසකට පෙර දැයෙන් සමුගත් මෙරට පරිණත දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ අද (නොවැ 25) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483 දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
කෝවිඩ් වාතාවරණය නිසා ඔහුට අවසන් බුහුමන් දැක්වීමට නොහැකි වූ හිතමිතුරන් හට ඊට අවස්ථාවක් ලබාදීමට ‘සමරවීර පදනම’ විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
එසේම, නොවැ . 26 දින මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත. අනතුරුව පස්වරු 4.00 ට එම භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.
2021 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ පුද්ගලිකව පැමිණ ගෞරව දැක්වීමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් ආරක්ෂණ නීති රීති අනුගමනය කරන ලෙස ‘සමරවීර පදනම’ වෙනුවෙන් ජයන්ත සමරවීර ගුණවර්ධන කාරුණිකව ඉල්ලා සිටියි.


හර්ෂ ගෙන් සහතිකයක්
මේ අතර මංගල සමරවීරගේ තෙමස් ගුණසමරුව වෙනුවෙන්, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර ඇති හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, දිවංගත මංගල සමරවීර යනු තමන්ට හමු වූ හොඳම ප්‍රධානයා බව පවසයි.
තමා ඔහුගෙන් ඉගෙන ගත් ලිබරල් අදහස් හා තරුණ ප්‍රජාව එකතු කරගනිමින් රට දියුණු කිරීමට සිය උපරිම ශක්තිය යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඔහු සපථ කර සිටියි.