මං පොඩ්ඩා…….

0
337

 

අද දවසේ හුගක් දෙනෙක් කතාවුණේ කොළඹ කටුනායක අධිවේගී පාර ගැනනේ. ඒ ගැන බලද්දී මට මේ සතියේ මුහුණ දෙන්නට සිද්ධ වුණ කතාවක් කියන්නම ඕන.
මං තාම පොඩි ළමයෙක් නිසා මං කියන දේ වැරදිද දන්නේ නැහැ. හැබැයි මට හිතෙන දේ තමයි මං මේ කියන්නේ

පහුගිය දවසක හයිවේ පාර අපි වගේ සාමාන්‍ය කට්ටියටක් බලන්න දවස් තුනක් දීලා තිබ්බනේ. ඒ දවසක අපේ ඉස්කොලේ ලොකු අයියලා කට්ටියක්වත් පාරේ දුවන තරගවලට එහෙම එක්කන් ගියා. ඒ වෙලාවේ අපිට යන්න ලැබුණෙ නැති නිසා පොඩි දුකකුත් දැනුණා. ඒත් ඒක නැති වුණේ අපේ ගෙවල් පැත්තේ නැන්දලා මාමලා කට්ටියක් එක්ක එදා හවස හයිවේ පාර බලන්න යන්න චෑන්ස් එක හම්බ වුණ නිසායි. අපි ඉතිං හයිවේ එක බලන්න පයින්ම ගියා. ලස්සනට කාපට් අතුරලා මංතීරැ වෙන් කරලා, ලොකු ලයිට් දාලා හරියට පිටරටක දකින්න තියෙන පාරක් වගේ යෝධ පාරක් දකින්න මට හැකිවුණා. පාර දෙපැත්තේ යකඩින් පාලම් ගහලා, කාණු කපලා හරිම පිළිවලට තිබ්බා. එ්වගේ පාරක් මං දැක්ක පළවෙනි වතාවයි ඒ. කොහොමෙන් තොහොමෙන් හරි හයිවේ බලන අාසාවත් ඉටු කරන් අපි ආයේ ගෙවල් බලා එන්න පිටත් වුණා.

හයිවේ පාර බලලා ගෙදර බලා එන්න වුණේ පයින්ම තමාලොකු ලයිට් දාලා ඒකාලෝක වෙලා තිබුණ තැනක ඉදලා අපේ ගෙදරට යන්න තියෙන පාර දිහා බැලුවහම මට ගොඩක් දුක හිතුණා. අපේ ගමේ පාරට ලයිට් තිබ්බට ඒවා පත්තු වෙන්න කැලේට හද පායනවා වගේ කලාතුරකින්.
ඒ විතරක් නෙමෙයි හයිවේ පාර බලද්දී අපේ පාරවල් පාරක් කියලා කියන්න අමාරැයි, මොකද ඒකේ වළවල් පිරිලා, කාණු කැඩිලා, කාණූ හදලා තියෙන්නේ වතුර යන්න වුණත් එවල තියෙන්නේ වැලියි කුණුයි විතරයි.
වැහි දවසක් වලට අපේ පාරේ යන්ඩ බෑ මොකද එතකොට පාර ඇලක් වගේ වෙනවා. ඒ වගේම තව මට පොඩි පුශ්නයක් තියෙනවා, අපේ පාර මෙහෙම වුණත් අපේ පාරට ටිකක් එහායින් තියෙන තව පාරක් තියෙනවා, ඒක හොදට හදලා කොන්කී%ට් දාලා තියෙනවා. හරිම ලස්සනයි.
මං අපේ තාත්තගෙන් මේ ගැන ඇහැව්වහම තාත්තා නම් කිව්වේ ඒ පාරේ නගර සභාවේ මන්ත්‍රි මාමාලාගේ යාලුවෝ ගොඩක් ඉන්න නිසා ඒ පාර හොදට හදලා දීලා කියලා.
මට තේරෙන්නේ නැත්තේ මොකද්ද ඒකට හේතුව කියලා….
නගර සභාවේ මාමලා ඇයි එහෙම කරන්නේ ……මට මේක තේරැම් ගන්ඩ අමාරැයි.
මේක මට පොඩ්ඩක් කියලා දෙන්න….
මම ද වැරදි නැත්තම් ………

මීට පොඩ්ඩා