මගී පීඩාවේ සීමාවට පැමිණ ඇති දේශසීමාවේ පාලම !

0
96

IMG-20200102-WA0012මීගමුව සහ කටාන වෙන්වන සීමාවේ ඩිපෝ හන්දියට ආසන්නයේ , රනිල් ලී මෝල ඉදිරිපිට ඇති මේ පුංචි පාලම නිතර කතාබහට ලක්වන්නකි. එක පැත්තකින් ජනතාවට සිදුවන අපහසුතාවය නිසා ඇති වන කතාබහ මින් ප්‍රධාන එකකි . සමහර අවස්ථා වලදී නුගවෙල හන්දිය පැත්තටත් , අනෙක් පැත්තෙන් කොප්පරා හන්දිය පැත්තටත් දිගු වාහන පෝලිම අතර මැද එකිනෙකා අතර පවතින කතාබහට සවන් දුනහොත් මෙහි පවතින බැරෑරුම් කම පිළිබඳව අවබෝධයක් ලැබිය හැක.
මෙම පාලම පළල් කළ යුතුය යන අදහස මත පදනම් වී විවිධ සාකච්ඡා අදහස් , යෝජනා රාජ්‍ය ආයතන විසින් පසුගිය ඉතිහාසය තුළ ඕනෑතරම් ඉදිරිපත් වී ඇත.
නමුත් කතාව දෝලාවෙන්ය.
ගමන පයින්ය.
අදාල රාජ්‍ය ආයතනයන්ට මේගැන නිතර අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන බවත්,විවිධ අවස්ථා තුළ සිහිපත් කරන බවත් මීගමුව පොලීසිය අප සමඟ පවසා තිබින .
නමුත් කිසිදු රාජ්‍ය ආයතනයකට මේ සඳහා විකල්ප නැත .
යන එන බර වාහන සහ අනෙකුත් වාහන මෙම පුංචි පාලමට කොතෙක් දරාගෙන සිටිය හැකිද? යන ප්‍රශ්ණය තවත් පැත්තකින් මතුවෙයි.

වාහන තදබදය ඇති කරන පාලම


මන්ද පාලම මේවනවිට පැරණි සහ අබලන් තත්වයේ පවතින එකක් වන බැවිනි.මාර්ග සංවර්ධන අධිකාරිය මෙහි ඇති පරණ කනු කඩා ඉවත් කරන අාකාරය අප දැක ඇත්තෙමු . නමුත් සැබෑ ලෙස මෙම පාලමේ ප්‍රශ්ණයට මැදිහත් නොවේනම් තත්වය මීටවඩා බරපතල වන බව පමණක් අප මෙහි සටහන් කර තබන්නෙමු.