”මගේ ජීවිතේ ඉතාම උතුම් දවසේ බල්ලෙක් ඇවිත් උඩුබිරුවා ” – නගරාධිපති ඇන්ටන් ජයවීර

0
180

ඊයේ  මාර්තු 29 වනදා පිටිපනදී විවෘත වූ මාතෘ නිවාසය හා නව ගොඩනැගිල්ල විවත කළ අවස්ථාවේදී එහි ඇතිවූ උණුසුම් තත්වයෙන් පසුව පසු මාධ්‍ය අමතා කතා කළ මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා කළ ප්‍රකාශයෙන් කොටසක්.
”මගේ දේශපාලන ජීවිතේ අවුරුදු 40ක්. නගර සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙලා අවුරුදු 24ක්. මේ අවුරුදු 24 තුළ මාව මෙතනට ගෙනාවේ මගේ ගමේ, දූව,අලුත්කූරුව,බයවත්ත ජනතාව. ඒ ජනතාවට මගේ ජීවිතේ අඩක් ගෙවී අවසානයි. ඒ ගමනේදී අද මගේ උපන්දිනය සමරන දවසේ මේ ගොඩනැගිල්ල  හදලා මට අවශ්‍යතාවයක් තිබුණා මා මෙතනින් යද්දී මාව මෙතනට පත්කරපු ජනතාවට යමක් බාර දීලා යා යුතුයි කියන එක කළ ගුණ සැලකීමක් වශයෙන් තෑග්ගක් වශයෙන් තමයි මම මේ  ගොඩනැගිල්ල තමුන්නාන්සේලා අතට පත්කරන්න කටයුතු කෙරුවේ.

හැබැයි මගේ ජීළුිතේ ඉතාම උතුම් දවසේ බල්ලකේ ඇවිත් මෙතන උඩුබිරුවා. සරත්කුමාර  ගුණරත්න ආරාධනා කරපු නැති තැනකට ආවේ.  මේ ඉඩම  නගර සභාවට පවරලා දෙන්ඩ කියලා අපි ඉල්ලුවා. කිසි කෙනෙක් ඒකට උනන්දු වුණේ නෑ. පස්සේ රාජිත සේනාරත්න මහත්තයා තමයි අපට මේ දේ කරලා දුන්නේ.පස්සේ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයෙන් ලක්ෂ 100ක් මේකට ලබාදුන්නා. නගර සභාවෙන් ලක්ෂ 200ක් විතර ප්‍රතිපාදන වෙන්කෙරුවා. ඒ කරලා අද මේක විවෘත කෙරුවේ මගේ ජීවිතේ විශේෂ දවසක. අද මගේ 60 වෙනි ජන්ම දිනය. මම මගේ ජනතාවට මොනාද දෙන්නේ කියන සිහිනය එක්ක ඉද්දී තමයි මම මේ ගොඩනැගිල්ල මව්වරුන්ට බාරදුන්නේ. මාතෘ සායනය බාරදුන්නේ ගැබිනි මව්වරුන්ට. පුස්තකාලය බාරදුන්නේ මේ ප්‍රදේශයේ ඉන්න ධීවර දරුවන්ට.
ධීවර කාර්යාලයක්. ග්‍රාමසේවක සමෘද්ධී කාර්යාලයක්. මේක අංග සම්පූර්ණව හදලා  තමයි මම මේක ජනතාවට බාරදුන්නේ. ඒ බාර දෙන අවස්ථාවේ තමයි හිටපු නියෝජ්‍ය ඇමති සරත් ග්‍රණරත්න කියන පුද්ගලයා මැර කණ්ඩායමක් එක්ක ඇවිත් ඉතා අශිලාචාර විදිහට කටයුතු කරලා මෙතන හිටපු එක්කෙනෙකුට දෙන්නෙකුට පහර දුන්නේ . කණගාටුව මේකයි මේ මැර කණ්ඩායමත් එක්ක මගේ නාගරික මන්ත්‍රීවරයෙකුත් ඇවිත් තිබෙනවා. අනිත් එක ආරාධනා නොකරපු උත්සවයකට එන්නේ නෑ වැදගත් මිනිස්සු. සරත් කුමාර ගුණරත්නට මාත් එක්ක ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ප්‍රශ්නය මාත් එක්ක බේර ගන්ඩ තිබුණා.

මෙතන හිටියේ දරු ප්‍රසූතියට සූදානම් වෙලා ඉන්න මව්වරු. මව්වරු 200ක් පමණ සිටින තැනකට ඇවිල්ලා එතුමාගේ පරණ චන්ඩිකම් එතුමා ප්‍රදර්ශනය කෙරුවා.”’IMG_1109