මගේ තනතුර නමට පමණයි බලයක් නෑ- මී.න.ස ප්‍රවාහන නිළධාරි

0
91

puppetමීගමුව මහ නගර සභාවේ වාහන දේශපාලකයන්ගේ සහ ඔවුන්ෙග් උවමනාවන් වෙනුවෙන් ඇතැම් නිළධාරින් විසින් කිසිදු පාලනයකින් තොරව පරිහරණය කිරිම පිළිබදව පැමිණිලි ගණනාවක්ම පසුගිය කාලය තුල වාර්ථා විය.
මේ බොහෝ අවස්ථා වලදි අප මේ අයථා පරිහරණයන් ගැන විමසු විට ලැබුනේ තමන් මේ කිසිවක් නොදන්නා බවත් ඇසිය යුත්තේ නගරාධිපතිවරයාගෙන් බවත්ය.
විශේෂයෙන්ම කටුනාය කොළඹ අධිවේගි මාර්ගය දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා මීගමුව මහනගර සභාවේ සේවකයන් මෙන්ම වාහනද යොදාගෙන ඇති බව අප ඊයේ හෙළි කළෙමු.
අද අප මේ සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාෙව් අරහම් නම් ප්‍රවාහන නිළධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඒ ගැන කොමසාරිස්තුමාෙගන් විමසන ලෙසය.
ප්‍රවාහන නිළධාරියා ලෙසින් ඔබ මේ වාහන මේ දිනවල යොදවා ඇති අන්දම ගැන කිසිවක් නොදන්නේ කෙසේදැයි අප විමසු විට ඔහු  කියා සිටියේ තමන් ඒ ගැන ක්‍රියාත්මක විමට කිසිදු බලයක් නැති බවය.තමන් සිටින්නේ නමට පමණක් බවද ඔහු පවසා සිටියේය.
මීගමුව මහනගර සභාවේ ප්‍රවාහන නිළධාරි තනතුර හොබවන කෙනාගේ පිළිතර යනු මීගමු මහනගර සභාවේ යථාර්ථය කදිමට කියාපාන නිදසුනකි.
ඇත්තටම මීගමුව නගර සභාවට ඇත්තේ රූකඩ පාලනයකි.
නගරාධිපති  සිටිනේනේද නමට පමණි.
සියල්ල මෙහෙය වෙන්නේ ප