මගේ දේශපාලන ජීවිතය කිලිටි කර විනාශ කර දමන්න — මීපුර පුවත්පත සියුම් උත්සහයක යෙදෙනවා. (එ.ජා.ප) කැලිසන් ජයකොඩි මංත්‍රිවරයා පවසයි

0
109

මංත්‍රිවරයා මෙලෙස අදහස් පල කලේ ජනවාරී 04 වැනිදා . මීගමුව මහා නගර සභාවේ පැවැති ජනවාරී මස මහා සභා රැස්වීමේදී මංත්‍රි වරප්‍රසාද පිලිබඳ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා ඊට නගරාධිපතිවරයාගෙන් ලද අවසරය යටතේය. එහිදී මංත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

— ගරු නගරාධිපතිතුමෙනී මෙම පුවත් පත සම්බන්ධයෙන් ඔබතුමාද පසුගිය කාලයේ මෙම සභාවේදීම යම් ආකාරයක විවේචනයක් කලා. නමුත් මේ පුවත් පත ඒවා නිවැරදි කර ගැනීමක් සිදු කර ගෙන නොමැති බවයි පෙනී යන්නේ. පසුගිය කාලය පුරාම මේ පුවත් පත තුලින් මගේ දේශපාලන ජීවිතය කිළිටි කර විනාශ කර දමන්න සියුම් උත්සහයක යෙදෙන බව පෙනී යනවා. මම දන්නේ නැහැ එහෙම කරන්නේ කගේ උවමනාවටද කියලා. මගේ දේශපාලන ජීවිතයට මේ වෙද්දී අවුරුදු 24 ක් වෙනවා. මේ කාලය පුරා මාව ජනතාව වත්තල ප්‍රාදේශීය සභාවේ සිට මේ මීගමුව මහා නගර සභාව දක්වා ඒ ඉදිරිපත් ගෙවුණු සෑම මැතිවරණයකින්ම මංත්‍රිවරයෙක් ලෙස තෝරා පත් කර තිඛෙනවා.

මට මෙතෙක් කිසිදු චෝදනවක් ජනතාවගෙන් එල්ල වෙලා නැහැ. අපි ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් කරන නිසයි ජනතාව මේ විදිහට අපිව ඔවුන්ගේ නියෝජිතයින් ලෙස පත් කර ගෙන තියෙන්නේ. අපි මෙලෙස ජනතාව වෙනුවෙන් පක්ෂ දේශපානයෙන් තොරව පොදු වැඩ වලදී සහ සංවර්ධන වැඩ වලදී ආන්ඩු පක්ෂය සමඟ වැඩ කරද්දී අපි ගන්න තීන්දු තීරණ ගැන මේ පුවත් පත හැල්ලූවට ලක් කරලා තියෙනවා. ඒවාගේම අපේ පක්ෂයේ කන්ඩායම් රැස්විම්වලදී අපි ගන්න තීන්දු තීරණ ගැන පවා මේ මීපුර පුවත් පත හැල්ලූවට ලක් කරලා තියෙනවා. මේ විදිහට මේ පුවත් පත කාගේ පැත්තට කටයුතු කරනාවාද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුනත් මම මේ පත්තරේ තියෙන ඒවාට බය නැහැ. මොකද මගේ හොඳ හෘද සාක්ෂිය ඊට වඩා හුගාක් ප්‍රබලයි. ඒනිසා මේ මීපුර පුවත් පත සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදය මම පල කර සිටිනවා˜.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here