මගේ මල් වත්ත

0
1152

චමින්ද ප්‍රදීප් සිල්වා ජීවත් වන්නේ සවුදියේ රියාද් වල.ඔහු ඔහුගේ ‍ෆේස්බුක් පි‍ටු අතර එක් පිටුවක තමන්ගේ මල් වත්ත ගැන  සටහන් කර තිබු සංවේදී සටහනක් මගේ නෙත ගැටුණා.   චමින්ද මල් වවලා ඒකෙන් ලබපු තෘප්තිය අන් අයගේ හදවත් වලටත් දනවන්ඩ ඕනා නිසා ‍ එය අපූරුවට ෆේසු බුක් පිටුවෙහි දවටලා   සමාජ ගත කරලා තිබෙනවා.  ඔන්ලයින් ගියාම හමුවෙන දහසක් කරදරකාරයින් අතර චමින්ද වගේ තමන්ගේ ෆේස්බුක් පිටුවට ජීවිතයත්, සෙෘන්දර්්‍යත් එකතු කරපු අය හමුවෙන එකත් කෙතරම් සුන්දර ද ?


මගේ මල් වත්ත –

හැමෝම හිනා වුනා මම මල් වවනවා දැකලා…“ලඟම යාළුවෝ කිව්වේ බැරි වැඩ නොකර ඉඳපන් පිස්සු කෙලින්නැතුව සෞදියේ කොහේද බං මල් හදන්නේ “කියලා…හැමෝම බැහැයි කියන දේ කරන්න තිබුණු උනත් එක්ක ගේමට බැස්සා මාස දෙකකට විතර කලින්..දැන් මල් පිපිලා සමනල්ලු විතරක් නෙමෙයි “ඕවා ගෑනු කරන වැඩ කියලා හිනා වෙච්ච අයත් ආවා මල් බලන්න..පුදුම ආශ්වාද ජනක වැඩක් මේක ..දලු දාලා අතු ලියලලා පොහොට්ටු එන කාලෙට නින්ද යන්නෑ හෙට පිපෙන මල බලන්න…මේ එහෙම දින ගැන ගැන මගේ අතින්ම හිටවලා වතුර දාලා දින කිහිපයකට කලින් ඉඳලා මල් පිපෙන්න ගත්තු මල්…මේ සමනල්ලු ඉන්නේ පටන් ගත් කාලයේ මල් වල…අනිත්වා පිපිලා තාම දවස් දෙකක් නැහැ..


https://www.facebook.com/media/set/?set=a.437610999664160.1073741825.100002457910723&type=1&comment_id=59272797#_=_