මග යන එනවිට මේ කානුව අමතක කරන්න එපා …..

0
567
IMG 20210103 WA0009

දිවුලපිටිය පාරේ TVS යතුරුපැදි අළුත් වැඩියා කරන ආයතනයට ඇතුළුවන ස්ථානයේ මෙම කානුව ඇත. මෙය අයිති වන්නේ කටාන ආසනයටය. මෙම අනතුරු දායක ස්ථානය ගැන TVS ආයතනයේ කලමණාකරුවෙකු එ අප සමඟ කතාබහ කරන අතර තුර තමන් පමුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීමක් ගැන කිව්වෙ මෙහෙමයි.

“එක දවසක් හැන්දෑ වෙලාවක අපේ TVS වාහන පටව ගත්ත ලොකු වාහනයක් මෙම ස්ථානයෙන් රිවස් කළා. ඒ අවස්ථාවෙ වාහනය කානුවට නොවැටුනු නමුත් අනූනමයෙන් තමයි බේර ගන්න පුළුවන් වුනේ. ඔය කැඩිල තියෙන කනුවත් වාහනයක් හැප්පිල තමයි කැඩුනෙ. ඉතින් තව කියන්න දෙයක් නෑනෙ මහත්තයෝ , මේ කානුව මේ විදිහට අවුරුදු ගනනාවක් තිස්සේ තියෙනවා. කවුරුවත් මේ ගැන හොයල බැලුවෙ නෑ. “

IMG 20210103 WA0005

අපිට අහන්න තියෙන්නෙත් කටාන ප්‍රාදේශීය සභාව සහ අදාල ආයතනවල ඉන්න නිලධාරීන් නිදිද කියලයි. දිවුලපිටිය පාරේ මෙවැනි අනතුරු දායක ස්ථාන රැසක් තියෙන නමුත් , ඒ කිසිවක් ගැන නිසි අවධානය යොමු කරල නෑ. තමන්ට හිතෙන තැන්වල පමණක් පාලමක් දානව. කානුවක් හාරනව ඇරෙන්න පොදුජන අවශ්‍යතා තදින් තිබෙන ස්ථාන කිසිවක් පිළිසකර නොකරන බව ජනතාවගේ අදහසයි. කෙසේ නමුත් අනතුරක් සිදුවන්නට පෙර මෙම ස්ථානයට පිළියමක් යොදන්නැයි අප අදාල බලධාරීන්ට අවධාරණය කරන්නෙමු.
සැම්සන් ඥනසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here