මඟුල් ගෙදරකට 150යි !AVENRA සැණකෙලියට unlimited …??

0
136

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ අනතුරු ඇගවිම් සියල්ලට බල්ලාට දමමින් ක්‍රියාත්මක වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක් ගැන කටාන ප්‍රදේශයෙන් වාර්තා වේ.එම සෞඛ්‍ය නිළධාරි කොට්ටාශය තුල මඟුල් ගෙදරට අවසර දිය හැකි උපරිම ගණන 150 ක් වෙද්දි සුපිරි ව්‍යාපාරිකයෙකුගේ ආහාර සැණකෙලියට සංඛ්‍යාත්මක සිමාවන් කිසිවෙක් පණවන්නේ නැතිව අවසර දිම පිළිබදව මේ වන විට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තුල පවා බරපතල විවේචනයක් මතුව තිබේ.
ඔවුන් කියා සිටින්නේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ වගකිම් විරහිත ක්‍රියාකාලය නිසා ඉදිරියේදි තමන්ට කොට්ටාශයේ නිරෝධාන සෞඛ්‍ය නිති පවා ක්‍රියාත්මක කරගැනිම අර්බුදයක් බවට පත්ව ඇති බවය.
මඟුල් ගෙදරකට 150 ක සිමාවක් පනවා ඒසේ පැමිණෙන අයගේ නම් ගම් විස්තර දුරකතන අංක සියල්ලද කලින් ම ඔවුන් විසින් ලබාගන්නා බවය. එහෙත් මේ ආහාර සැණකෙලියට MOH අවසර දි ඇත්තේ unlimited පදනමකිනි.
දැන් මෙය පැහැදිලි අර්බුදයක් අදාල කොට්ටාශය තුල නිර්මාණය කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලක්ෂමන් විජේසුරිය යනු කලින් මිගමුවේ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාය.

ඇවෙන්රා වෙඩින් ෂෝ එකකට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ගිය MOH


ඔහුට එකල පටන් මිගමුවේ ප්‍රබල දේශපාලන පවුල් සමගින්ද ඉතා සමිප සම්බන්ධකම් තිබුන බව ඒ කොට්ටාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවා කියති.
එමෙන්ම ඔහුට AVENRAහෝටලයේ හිමිකරු සමගින්ද සමිප සම්බන්ධතා පවතින බවද කියැවේ .
පසුගි කාලය තුලදිද මෙහි පැවැති ඇතැම් දැවැන්ත උත්සව වලදිද ඔහු ආරාධිතයෙකු ලෙසින් පැමිණ තිබුන අවස්ථාවන්ද විය.
කෙසේ වෙතත් දින 3 ක් පුරාවට පැවැති දැවැන්ත ආහාර සැණකෙලියකට unlimited …පදනමකින් අවසර ලබාදි ඇති කාටනේ MOH ගැන ඉහල සෞඛ්‍ය බළධාරින් කියා සිටින්නේ කුමක්ද?
මේ වන විටත් පැමිණිලි රාශියක ඒ උසස් නිලධාරින් වෙත යොමුව ඇතැයි වාර්ථාවේ