”මචං” දෙවෙනි කොටස වෙනුවෙන් යොවුන් පෙරමුණු නායකයා ප්‍රංසෙට ?

0
93

මීගමුව කටාන ප්‍රදේශයේ අජිත් නැමැත්තා එජාප යොවුන් පෙරමුණ නියෝජනය කළ ප්‍රබල සජිත්වාදියෙකි.ඔහු මීට මාස කිපයකට ඉහතදි එජාප මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාගෙන් තරුණ වැඩ සටහනකට ජර්මනියට යෑම සදහා යැයි කියමින් අවැසි අනුග්‍රාහක ලිපි සියල්ලක්ද සකස් කරගෙන තවත් තිදෙනෙක් සමගින් රට පැන්නේය.

ඒ හරියටම බේස් බොල් කණ්ඩයමක් ලෙස රගපාමින් ඉතාලියට පැන්න තරුණයන් ගැන කියන මචං චිත්‍රපටයද අපට සිහිගන්වමිනි.
දිනක් ඔහු අප හා chat එකකට සහභාගි වෙමින් කියා සිටියේ

..”අයියේ මම ප්‍රංසෙට ආවා සජිත් සර් දන්නෙත් නෑ මම අයේ එන්නේ නෑ කියල . මම දැන් දේශපාලන රැකවරණ ඉල්ලන්න යන්නේ . ඔයාල ලග නැද්ද අයියේ අපි ඒ කාලේ උද්ඝෝෂණ වල ඉන්න පොටෝ. මට කථාවක් හදාගන්න තියෙනවා. අනේ කොහොම හරි එවන්න.”……
මේ ඉල්ලිම පසුගිය දින ගණනාව පුරාම ඔහු කලේය.
එදා අපි අජිත් ට කෙලින්ම නොදුන් උත්තරය අපි දැන් රටට ම කියන්නෙමු.
ප්‍රජාතන්ත්‍රිය අයිතින් දිනා ගන්න  විරැද්ධ පක්ෂයත් එක්ක එකතුවෙලා නිදහසේ වේදිකාව හැටියට කරපු වැඩ එදා ඉදන් ම තඹ පයිසෙකට ගනන් ගත්ත නැති අජිත්ල පවුල හදාගන්න පක්ෂෙ විකුණල ප්‍රංසෙට පැනල තාමත් ුඅපේ අරගල ජෝක් කරන්න හදනවා.
එහෙම කරන ගමන් ලැජ්ජ නැතිව සියළු අවධානම් දාරාගෙන රට පනින්නේ නැතුව  ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් වෙනුවෙන්  අපි ලංකාවේ ඉදන් කරන අරගල වල  පොටෝ වලින් අජිත්ලාගේ පවුල ගොඩදාගන්න හදනවා.
අපට අජිත්ලට කියන්න තියෙන්නේ පොලිටික්ස් වලින් අයින් වෙලා රට පැන්න නම් ඒ විදියට ඉන්න පේස් බුක් හරහා අපේ අරගල ජෝක් කරන්න අපි අජිත්ල වගේ අවස්ථාවාදින්ට ලංකාෙව්දි ඉඩ දෙන්ෙනත් නෑ ප්‍රංසෙදි ඉඩ දෙන්නෙත් නෑ.