තමන්ට පහරදීම පසුපස ඉන්න දේශපාලනඥයා තවම අත්අඩංඟුවට ගෙන නැහැ – ප්‍රෙඩී ගමගේ ජිනීවාහිදී

0
169
දයාන් ලංසාගේ ප්‍රහාරය ගැන ජිනිවා මානව හිමිකම් සංවිධානයේ අවධානයට
by
 (ශ්‍රී ලංකා බ්‍රීෆ්/20 සැප් 2016 ජිනීවා)FG in UN

දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 33වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර සම්මන්ත්‍රණයදී තමාට පහර දීම පිටුපස සිටින දේශපාලනඥයින් අත් අඩංඟුවට ගැනීමට පොලීසිය තවමත් අසමත් වී ඇත්තේ මන්දැයි ප්‍රශ්ණ කළේ ය.

තමාට පහරදීමට පෙර ගතවූ පැය කිහිපයක් තුළ පහරදුන් පුද්ගලයා සහ දයා ලන්සා නම් මීගමු නගර සභාවේ උප සභාපති අතර දුරකථන පණිවිඩ 16ක් හුවමාරු වී ඇති බවත් එය ඉතා සැකකටයුතු සහ පරීක්ෂා කළ යුතු තත්වයක් බවත් ඔහු පැවැසීය.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වශයෙන් ප්‍රෙඩී ගමගේ විසින් එකී අදහස් දක්වන ලද්දේ අද එනම් සැප්තැම්බරි 2දවනදා දහවල් 1.00ට ‘සියළු ආකාරයේ විශම සැළකීම් සහ වර්ගවාදයන්ට එරෙහි අන්තර් ජාතික ව්‍යාපාරය’, ‘මානව හිමිකම් පිළිබඳ ආසියානු මණ්ඩපය’ සහ තවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක් එතමුතුවෙන් ජිනීවා එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේදී පැවැති සමාන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

තමාට පහරදීමට පෙර එකී දේශපාලනඥයා ඔහු ගැන කිසිවක් නොලියන ලෙස තමාට තර්ජනය කළ බවත් එනමුත් පොලීසිය ඔහු සම්බන්ධයෙන් පියවරක් ගැනිමට මැලි බවක් පෙනෙන්නේයැයිද ඔහු කියා සිටියේ ය.
යහපාලනය රටෙහි ඇති කිරීමට නම් පොලීසියෙහි  යහ පාලනය ඇති කළ යුතුම බව ගමගේ අවධාරණය කළේ ය.

සාකච්ජා මණ්ඩපය

2008 වර්ශයේ සිය අතුරුදහන්ව සිටින යාපනයේ ජනමාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් පිළිබඳව ආණ්ඩුව තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි ද සඳහන් කළ ඔහු ඔහගේ අතුරුදහන් වීමට හමුදාව සම්බන්ධ බවට ඇසින් දුටු සාක්ෂි ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම ඝාතනය සහ අතුරුදහන්  කරන ලද දෙමළ ජනමාධ්‍යවේදින් කිසිවකු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් කිසිදු පියවරක් නොගෙන තිබීමද ප්‍රශ්ණ කළ ගමගේ  මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බවට අගමැතිවරයා පොරොන්දු වුවද තවමත් කිසිවක් සිදුවී නොමැති බවද සදහන් කළේය.

මෙම කාරණා සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨකරවා ගැනීමට ඔබ සැමගේ සහයෝගය අපට අවශ්‍යයැයි ගමගේ අවධාරණය කළේය.

ආණ්ඩුව විසින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා තිබීම සාධනීය පියවරක් ලෙස දැක්වූ ගමගේ කියා සිටියේ එහි අඩුපාඩු හදා ගනිමින් ඉදිරියට යෑමට සිවිල් සමාජ පිරිස් කටයුතු කළ යුතු බවයි.

මෙම සම්මන්ත්‍රණය අමතා සන්ධ්‍යා එක්නැළිගොඩ, ස්ටෙපාන් සුන්දරාජ් සහ බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමේ නියෝජිතයින් දෙදෙනෙකුද අදහස් දැක්වූහ.
www.srilankabrief.org

Save

Save

Save