මට රජ මාළිගාවක් හදන්න ඕන නෑ – රට හදන පංචවිධ ක්‍රියාවලිය එළිදක්වමින් රනිල් කියයි

0
374
UNA_3UNA_4UNA_7UNA-6UNA_5UNA_12

 

තමන්ට රජ මාළිගාවක් සෑදීමට අවශ්‍ය නොවන බවත් සියලු ජනයාගේ නිවාස, ගෙවත්ත, කුඹුර ඔවුන්ගේම රාජධානිය බවට පත්කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද (23) සහභාගී වෙමිණි.

මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය නමින් අද දින එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීය. එය ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සඳහා ආයෝජන ක්‍රියාවලිය, අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය ආදි වශයෙන් වූ පංචවිධ ප්‍රතිපත්තීන්ගෙන් යුක්ත විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“මට ඕනෑ මගේ අනාගතය තහවුරු කරගන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම අනාගතය තහවුරු කළ දාට මගේ අනාගතය තහවුරු වෙනවා. ජනවාරි 8 වැනිදා විප්ලවය, දින 100 වැඩපිළිවෙල තහවුරු කරගෙන ඉදිරියට යාම සඳහා වන විප්ලවය ආරම්භ කිරීම සඳහා අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබාදෙන්න”

“එක්සත් ජාතික පෙරමුණ මෙවර පැවැත්වෙන මහමැතිවරණයේදී ජනවරම ඉල්ලා සිටින්නෙ ජනතාවටම වාසි සැලසෙන දේශපාලනයක් ඇති කරන්නයි. ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 17 න් පසු මෙවර ඇති කරන ක්‍රමවේදය වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් ඉදිරියට යාමක්. පාර්ලිමෙන්තුවම එකතු කර ගත් සම්මුතිවාදී පාලනයකට අවතීර්ණ වෙලා 21 වන සියවසේ ලිච්ඡවී පාලන ක්‍රමයක් ඇති කර රට දියුණුව කරා ගෙන යනවා”

“මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඇතුළත් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ආර්ථිකය දියුණුකිරීමල දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම වැනි ක්‍රියාවලියක් ඇතුලත්. මෙය මැතිවරණ ප්‍රකාශනයක්ම නෙවෙයි. මෙය රට ගොඩනගන සැලැස්මක්”

මෙවර තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලත් වැඩසටහන දේශපාලන පක්ෂ, මන්ත්‍රීන්ට සීමා කර නැති බවද රටේ අනාගතය වෙනුවෙන් අලුත් මාර්ගයක යාමට ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එහිදී කියා සිටියේය.
http://www.sathhanda.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here