‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්’ – ජනාධිපති 

0
114
”මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.”ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න”

”මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා” යැයි ද ජනපතිවරයා පැවැසීය.

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය.

මාධ්‍ය ප්‍රධානීන් සමග අද (7) පැවැති හමුවකදී ජනපතිවරයා මෙම අදහස් පළ කළේය.

 

ඇතැමුන්ට කතා කිරීමට හැකියාව තිබෙන්නේ දූෂණය පිළිබඳ පමණක් වන නමුත් තමා දූෂණය වැලැක්වීම සඳහා නීති රැසක් සම්පාදනය කර ඇති බවත්, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. තමා කිසිවිටෙක දූෂණ චෝදනා ලැබූ කිසිවකු ආරක්‍ෂා කර නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.