මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත්කම තුරන් කිරීමට යුරෝපා පදනමෙන් මිලියන 1600 ක්

0
111

S5050031 පසුගිය වසර පහ තුලදී යුරෝපා පදනම මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත්කම තුරන් කිරීම හා මූලික අවශ්‍යතා සඳහා මිලියන 1600 ක් වියදම් කර ඇති බවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ආර්.නෙඩුන්චෙලියන් මහතා පැවසීය.

යුරෝපා පදනමේ වසර පහක සැමරුම නිම්ත්තෙන් වැඩසටහන් මුල කරගත් ඡායාරූප ප්‍රදර්ශන අද උදේ මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටලයේ පැවැත්විණ. දිස්ත්‍රික් සහකාර ලේකම් දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ආර්.නෙඩුන්චෙලියන් මහතා ප්‍රාෙද්ශීය ලේකම්වරුන් පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන් පළාත් පාලන සභා ලේකම්වරුන් සමාජ සේවා ආයතන නියෝජිතවරුන් ඇතුලු අය එක් වූහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ 2014 සිට 2017 දක්වා යුද්ධය හා සුනාමි විපතට පත් නොයෙක් පෙදෙස්වල දුප්පත්කම තුරන් කිරීම ජීවිතාධාර දියුණු කිරීම තරුණ සංවර්ධන අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුලු නොයෙකුත් මූලික අවශ්‍යතාවයන් වැඩසටහන් යුරෝපා පදනම දියත් කර ඇත.


ජවුෆර්කාන් -මඩකලපුව