මත්කුඩු වලින් තොර මිගමුවක්…! රදගුරු මැදුරේ සංවිධාන සාකච්ජාවට දයාන් ලංසාත් ගිහින් !

0
30

rally 1මත්කුඩු වලින් තොර මිගමුවක් පෙබරවාරි 25 වෙනිදා මීගමුවේදි පැවැත්වෙන බව තිල්ලන්දුව මිසම් සේවක සදසිරි පියතුමා මුහුණු පොතේ සටහන්ව තිබුණි.මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගරු සදසිරි පියතුමා කියා සිටියේ මීගමුව දැන් කුඩුවලින් වැනසි යමින් තිබෙන බවයි..

පසුගිය දිනක කොළඹ අගරදගුරු මැදුරේ පැවැති සංවිධාන සාකච්ජාවකට මීගමුවේ සහ කටානේ සමහරක් දේශපාලකයන්ද එක්ව සිටි බව වාර්ථා විය.
මේ පිරිස අතරේ දයාන් ලංසාද සිටිම ගැන මේ වන විට මීගමුවේ දේශපාලන උනන්දුවක් සහිත කවයන්හි දැන් සංවාදයක් බවට පත්ව තිබේ.මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මත්කුඩු  ප්‍රශ්ණය හා ලංසා පවුල අද ජාතික කතිකාවක්ව පවතින බැවිනි.
මේ අතර පසුගිය පළාත් පළාන මැතිවරණයේදි එජාප අපේක්ෂකයන් දායාන් ලංසා වෙත තවත් චෝදනාවක්ද එල්ල කොට තිබුණි.
එනම් කේරල ගංජා ගැනය.
මේ සංවිධාන සාකච්ජාවට  සරත් ගුණරත්න සහ රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේද එක්ව සිටි බව වාර්ථා වේ

පසුගිය කාලය තුල මීගමුවේ පියතුමන්ලා විසින් අවස්ථා ගණනාවකදිම මීගමුවේ සිදුවන විවිධ දුරාචාරයන් ගැන විරෝධතා දක්වා තිබුණි.දොන් බොස්කෝ ආයතනයේ පියතුමන්ලා මේ විරෝධතාවන්හිදි සැමවිටම ඉදිරියෙන් සිට ක්‍රියාකර ඇත.
මීගමුවේ ඇති දුෂිත ක්‍රියාවන්ට  එරෙහිව සැමදා ජනතා විරෝධතාවන් හා අවංකව එක්වු දොස් බොස්කෝ පියතුමන්ලාට අපගේ  ගරුත්වය කවදත් ඉහලින්ම හිමිය.
කෙසේ වෙතත් හිටි හැටියේම මත්කුඩු වලින් තොර මිගමුවක් ගැන රැළියක් පැවැත්විමට කතෝලික පල්ලියට  මේ අවස්ථාවේ  මතක් වි ඇත්තේ ඇයිද යන්න ගැනද දැනටමත් පුළුල් කතා බහක් තැන තැන මතුවෙමින් තිබේ.
ඇතමෙකු කියා සිටියේ මෙවන් රැළියක් ඇත්තටම පැවැත්විමට උවමනාවක් පල්ලියට තිබුනේ නම් එය කළ යුතුව තිබුනේ මැතිවරණය සමයේදි බවය.මන්ද මැතිවරණ සමය තුල මීගමුවේ එක් කේන්ද්‍රීය මාතෘකාවක් වි තිබුනේ මීගමුව කුඩුපුරක් වි තිබිම ගැනය.
කෙසේ වෙතත් කාගේ හෝ න්‍යාය පත්‍රයකට දැන් එය පැවැත්වේ
මීගමුව  කතෝලික පල්ලියේ ක්‍රියාකාරිත්වය හා දේශපාලකයන් අතර පවතින සම්බන්ධතාවය ගැන අප කළ විමසුමකට අදහස් දැක්වු කිතුණු සමාජ ක්‍රියාකාරියෙකු කියා සිටියේ පාප්තුමන් විසින් කළු සල්ලි කතෝලික සභාවේ කිසිදු කටයුත්තකට යොදා නොගත යුතුයැයි ප්‍රබල අවධාරණයක් සිදුකර තිබුණද ඒ ප්‍රතිපත්තිය රැකිමට මීගමුවේ  ඇතැම් කතෝලික පියතුමන්ලාට නොහැකි ව ඇති බවය
.පල්ලියේ පාරට ලංසලා විසින් දමන තාර ටිකකට පාප්තුමන්ගේ ඒ අගනා ප්‍රතිපත්ති මුලික ඔවදන් විසිකර දමන්නට ලෙහෙසියෙන්ම හැකිව තිබුණ බව පසුගිය කාලය තුල මීගමුවෙන්ඇති පදම් උදාහරණ සපයා දිය හැකි බවද ඔහු කියා සිටියේය.
විශේෂයෙන්ම ඔහු සදහන් කර තිබුනේ මීගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කණුව මුදුණුතෙහි ස්ථාපිත කර ඇති මරිය මව්තුමියගේ ප්‍රතිමාව සදහා   වැය කර ඇත්තේ මිගමුවේ කළු සල්ලි නොවේදැයි කියාය.
කළු සල්ලි සුදුකිරිම සදහා රටේ ලෝකයේ විවිධ දේවල් සිදුවෙමින් පවති.
කළු චරිත සුදුකිරිමට එසේමය..
එවන් දැ සංවිධානය කිරිමට දැන් event managers ද සිටිති.
ඒ වෙනුවෙන් රු කෝටි ගණනින් වුවද මුදල් යෙදවිමට ඇතැමුන් සුදානම්ය.
කෙසේ වෙතත් මත්කුඩු වලින් මීගමුව බේරා ගැනිමට විශාල වැඩකොටසක් සිදුකළ යුතුය ඇත.
කතෝලික පල්ලිය ඇත්තටම අවංක නම් කළ යුතුව ඇත්තේ මීගමුවට දුරාචාරය බෝකරන කුඩු බෙදෙන කේරල ගංජා බෙදන ඒවාට උල්පන්දම් දෙන පාලනයක් කිසි ලෙසකින්වත් මීගමුව තුල ස්ථාපිත කිරිමට කිසිදු ඉඩක් ලබා නොදිමය.
ඒය කළ හැක්කේද කතෝලික පල්ලියටම බව ඉතිහාසයේ සාක්ෂි මීගමුව අදාලව ඕනෑ තරම් තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි දායන් ලංසා වැඩිම මනාප ගත්තද ඔහුට නගරාධිපති කම දිමට කතෝලික පල්ලිය කැමැති වුයේ නැත.දැනට දේශපාලනිකව මිය ගොස් ඇති සරත් ගුණරත්න මෙය ඉතා හොදින් දනි.
තතු එසේ වුවද දැන් නගාරාධිපතිකම අනේ කොහොම හරි දයාන් ලංසාට දෙන්න යැයි කියා පල්ලියක් පන්සලක් ගානේ අරන් යන්නේද සරත් ගුණරත්නමය.
ඔහු තුල සිටි දේශපාලන විරයා දැන් මැරි ගොස් අවසන් යැයි අප කියන්නේ ඒහෙයිනි.
පල්ලියේ ඒ තිරණය ඉතා නිවරදි බව දයාන් ලංසා මාස 6 කට නියෝජ්‍ය නගරාධිපතිධුරය ලබාගැනිමෙන් පසු ක්‍රියාකළ අන්දම ගැන විමසා බැලිමේන් තේරුම් ගත හැකි වනු ඇත.
මීගමුව මත්කුඩු වලින් තොර නගරයක් කිරිමට නම් මුලින්ම කළයුතුව ඇත්තේ මිගමුවට මත්කුඩු ඇතුළු විවිධ දුරාචාරයන් මීගමුව බෝකරන කළු සල්ලි ජවාරම්කාරයන් මීගමු දේශපාලනයෙන් ඉවත් කර දැමිමය.
මේ සරල සත්‍ය කතෝලික සභාවට අමුතුවෙන් තේරුම් කරදිය යුතු ඇතැයි අප නම් නොසිතමු.
කෙසේ වෙතත් මීගමුව කතෝලික පල්ලියේ ස්වර්ණමය යුගය පැවැතුනේ 80 සහ 90 දශකවලදි බවද අද බොහෝ දෙනාගේ  පොදු පිලිගැනිම වි තිබුණි .
තවදුරටත් අවධාරණය කරමින් ඔවුන් කියා සිටින්නේ ආටි අමරතුංග,ශාන්ති කුමාර හෙට්ටිආරච්චි,ජෝර්ජ් බර්නාර්ඩ්,සරත් ඉද්දමල්ගොඩ ,අබා කොස්තා,අයිවන් පෙරේරා ,පින්තු  යන මේ ගරු පියවරුන්ගෙන් ඒ යුගයේ දෙවියන්ගේ සෑබෑ නියෝජිතයන්ම වන බවය.
අජිත් පෙරේරා.