මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින මීගමු දේශපාලකයා කව්ද?

0
91

මීගමුවේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරුවන්ට සහ විශේෂයෙන්ම සූඩොල් කරල් ජවාරමට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් අප දන්නා තරමින් මීගමුව තුල ක්‍රියාත්මක වුයේ මීගමුවට අළුතින් පැමිණි සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාගේ මැදිහත්විම නිසාය.
මේ නිසා විශේෂයෙන්ම මීගමුව අවට තරාතිරම නොබලා සියළු නිතිවිරෝධි මත්පැන් විකුණන තැන් වැටලිමට ඔහු දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
මේ නිසා ඉන් රිදුන පොලිස් නිළධාරින් පිරිසක්ද ඔහුට එරෙහිව පාළාතේ දේශපාලකයන්ට ගතු කියන්නට පටන් ගති.
එපමණක් නොව හොර අරක්කු මුදලාලිලාගේ සහය ලබන ඇතැම් දේශපාලකන්ද මෙවන් නිලධාරින් මීගමුවෙන් මාරුකර යැවිමට දැන් මාන බලමින් සිටිති.
විශේෂයන්ම මීගමුවේ ආසන සංවිධායක සරත් ගුණරත්න ඇමැතිවරයා මේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින බව අපට ඉතා විශ්වාස කටයුතු ලෙසින් වාර්තා  වි ඇත.
මීට පෙරද මීගමුවට විශාල සේවකයක් ඉටුකළ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුයෙකු මීගමුවෙන් යවන්නට මේ පිරිස කටයුතු කළ අයුරු අපට මතකය.
ඒ වෙනුවට මේ දේශපාලකයන්ට අවැසි වුයේ අනුන්ගේ ඉඩම් තමන්ගේ දරුවන්ට මාටියා ගහන්නට නිති වෙනස් කර හෝ ඉඩ සලසා දෙන හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත මුහන්දරම් වැනි කපටි නරියන්ය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ක්‍රියාත්මක වු මීගමුවේ බොස්කෝ ආයතනය ප්‍රමුඛ පියතුමන්ලා මෙවන් වාතාවරණයදි කටයුතු කරන්නේ කෙසේදැයි සියල්ෙලා් ම බලා සිටිති.