
මිගමුවේ සුපිරි වෙළද සැල් වෙත මත්පැන් මිළදි ගැනිමට ගිය පිරිස් ආපසු හිස් යැමේ පුවතක් මිගමුවෙන් වාර්තා වේ. මෙයට හේතුව වි තිබුනේ සුරාබදු නිලධාරින් විසින් මේ මත්පැන් අලෙවි අංශවල සීල් තවමත් ඉවත් කර නොතිබිමය.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිලිතුරු දුන් මිගමුව සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියෙ පැයක් ඇතුලත සියලු මත්පැන් අලෙවි අංශවල සීල් ඉවත්කිරිමට කටයුතු කරන බවය.අද පෙ.ව 9.00 සිට මත්පැන් අලෙවියට ඉඩ ලබාදිඇතැයි රජය ඊයේ නිවේදනය කර සිටියේය.