ගම්පහ සහ කොළඹ දිස්ත්රික්කය තුල මත්පැන් අලෙවිය සදහා අද සිට අවසරය ලබාදි තිබුනේ සුපිරි වෙළද සැල් වලට පමණි. ඒ අනුව මේ දිස්ත්රිකයන් බොහෝ සුපිරි වෙළද සැල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
මේ අතර විශේෂයෙන්ම මිගමුවේද මේ පොලිම් වල වෙනසක් නොතිබුණ අතර ඇතැම් සුපිරි වෙළද සැල් හි තිබුන සිමිත මත්පැන් තොග පැය 2 ක් වැනි සුලු කාලයකදි අවසන් වු අප කළ විමසුමකදි මිගමුවේ සුපිරි වෙළද සැලක කලමණාකරුවෙකු මිපුරට පැවසිය.