
මිගමුව ගිනි නිවන ඒකකයේ පසුගියදා පැවැති මත්පැන් සාදය ගැන මේ වන විට මිගමුවේ වෙනත් ආයතන වල රාජ්‍ය නිලධාරින් අතර මතුව ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ මිගමුව නාගරික කොමසාරිස්වරිය පවා සහභාගි වු මේ සාදය ගැන අදාල බලධාරින් විසින් විනය පරික්ෂණ නොපවත්වන්නේ මන්ද යන කරුණයි.
ගිනි අවදානමක් පවතින නත්තල් සමය තුල ගිනි නිවන ඒකකයේ ප්‍රධානියාද ඒක්ව සිටි මෙම සාදය තුලින් මතුවන බරපතල කරුණු ගණනාවකි.
ඉන් කියැවෙන්නේ මිගමුව නගරය වැටි ඇති තත්වයයි.
කලු සල්ලි කුමාරවරුන්ගේ පාලනයට නතුව ඇති පුංචි රෝමය තුල සිදුවෙමින් ඇති මේ විනාශය ගැන කතෝලික පල්ලියද මීක් නොකියයි.
