මත්පෙති විකුණු ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට.. !

0
183

මීගමුවේ දැවැන්ත ජාවාරමක් බවට පත්ව ඇති මත්කුඩු සමගින් මත්පෙති අලෙවියද සිඝ්‍ර ලෙසින් ඉහල යමින් තිබේ. මේ අතර මිගමුවේ ඇතැම් ඔසු සැල් හිමිකරුවන්ද වේදනා නාශක ලෙස භාවිතා කරනු ලබන ඇතැම් කරල් වර්ග මත්විම සදහා රහසිගතව අලෙවි කරන ජාවාරමක්ද ක්‍රියාත්මක කර ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ ඇතැම් ඔසුසැල් හිමියන් මාස කිපයක් ඇතුලත් කෝටිපතියන් බවට පත්ව ඇති බවට වු සාක්ෂිද මිගමුවේම ඇත.

මේ අතර (29) වන දා දිනයේ පාන්කඩ හංදියේ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ මත් ලෝලින්ට ලබාදිම සදහා වේදනා නාශක ඖෂධ 2000 කට ආසන්න ප්‍රමාණයක් ලග තබාගෙන සිටියදිය.
මෙම ඔසුසැල් හිමියා කලක සිට මෙම ජාවාරමට සම්බන්ධ අයෙකු බවට ප්‍රකටය.