(9.00 am ) මේ දිනවල මීගමුව නගරයේ ස්ථාන කිහිපයක ඉටි කවර වල බහාලනු ලැබූ බදින ලද මඤ්ඤොක්කා පෙති විකුණන තරුණයින් කිහිප දෙනෙකු දැකිය හැකිවිය.
මෙම මඤ්ඤොක්කා පාර්සල් සහ ලොකු කුඩය, ආදීවශයෙන් සියල්ල සකසා තිබුනේ එකම ආකාරයෙන්ය.
මේ පිළිබඳව විමසා බැලීමේ වුවමනාවක් මසිත ජනිතවූයේ මෙහි තිබුනු විශේෂ ස්වභාවය නිසාය.
කෙසේ නමුත් ඉන් තරුණයින් දෙදෙනෙකු සමඟ කෙටි කතාබහක යෙදෙන්නට මට අවස්ථාවක් ලැබින.
ලක්ෂාන් සහ ප්‍රසන්න යන මේ තරුණ ගැටව් දෙදෙනාගේ වයස අවුරුදු 17 ක් 18 ක් වූවා පමණි. ඔවුන්ට දැන් රස්සාවක් ලැබී ඇත. ප්‍රසන්න වෙළඳාමේ යෙදුනේ ඇවෙන්ඩ්‍රා ආයතනය අසලය. ලක්ෂාන් සිටියේ පෙරියමුල්ල මාර්ග සඥා ආසන්නයේය.
ලක්ෂාන් ප්‍රකාශකලේ සාමාන්‍ය පෙළ අවසන් කළ පසු තමන් කරන පළමු රැකියාව මෙය බවය. ඔහු මේ සඳහා සම්බන්ධවී ඇත්තේ කොරෝනා වසංගත කාලය තුළය. මේ සඳහා රු. 1500/ ක් ලැබෙන බවත්, තවත් තරුණයින් 7ක් 8ක් මේවා විකිණීමේ යෙදෙන බවත් ලක්ෂාන් පවසයි.
අද විවිධ අයතා මාර්ග කෙරෙහි යොමුව ඇති තරුණ පිරිස අනුව බලන විට ලක්ෂාන් වැනි තරුණ ගැටව් මෙවැනි දෙයකට හෝ යොමුවීම සාධනීය තත්වයකි. නමුත් මෙම තරුණයින්ගේ හැකියාවන් සමාජය වෙත උරා ගැනීමට නොහැකිවීම රටේ අභාග්‍යක් බවද කිවයුතුය.
දේශපාලකයාට මෙවැනි තරුණයා තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමේ අතකොළුවක් පමණි. මේ නිසා නොමඟ යෑමට වැඩි ඉඩක් එමගින් සිදුවේ. එසේම මේ සමාජය තුළ වැඩි පෙළඹුමක් ඇත්තේ ලෙහෙසියෙන් සහ පහසුවෙන් මුදල් හම්බ කිරීමේ කටයුතු සඳහාය. නමුත් ඒවා නිසා සමාජයට වන හානිය පිළිබඳව කිසිදු විමසා බැලීමක් සිදුවන්නේ නැත.
සැම්සන් ඥානසිරි