‘මත් උවදුර නැති කරලම දාන්න අපිට ඕන පෝය දෙකයි’ – ජාජබ ත්‍රිවිධ හමුදා සාමුහිකය

0
433

” මත් උවදුර නැති කරලම දාන්න අපිට ඕන පෝය දෙකයි” යයි නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසයි.

ඔහු එබව කියා සිටියේ, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව ඊයේ (06) අමතමිනි.

සමුළුව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල ද විශ්ව විද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වූහ.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් තුන් දහසකට වඩා වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර එම සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජයසිංහ සම්මන්ත්‍රණ ශාලා අංක 01 හා අංක 02 යන ශාලා දෙකම පිරී යාමෙන් පසුව එම පරිශ්‍රයේ පිටතද විශ්‍රාමක ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් රැඳී සිටි අයුරු දැක ගන්නට ලැබුණි.

npp 240107sjfgahf

theleader.lk