“මතින් තොර ගමක් – නිදහස් නිවහල් හෙටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව

0
628
මීගමුව ඒත්තුකාල ආරක්ෂක මණ්ඩලය හා  කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශානිත් මිරැන්ඩෝ තරුණ නායකයා එක්ව සංවිධාන කල මත්ද්‍රව‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුවක් පසුගිය මාර්තු මස 23 දින ඒත්තුකාල සුනාමි නිවාස සංකීර්ණයේදී පැවැත්වුනී.මේ සඳහා ඒත්තුකාල සංචාරක පොලීසියේ හා මීගමුව පොලිස් වසමේ නිළධාරීන්ද සහභාගී වු අතර මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හා සුනාමි නිවාස සංකීරණයේ වෙසෙන තරුණ තරුණියන්ගේද සාර්ථක සහභාගීත්වයක් දක්නට ලැබිනි.  “මතින් තොර ගමක් –  නිදහස් නිවහල් හෙටක්’ යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබුනී.
           මීගමුව යනු සංචාරක පුරවරයක් ලෙස මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත.නමුත් මෑතකදී සිට මත්ද්‍රව‍ය වලට නම ගිය ප්‍රදේශයක් ලෙස පත් වී තිබේ. විශේශයෙන් පසුගිය කාලයේ පැවති දූෂිත දේශපාලඥයින්ගේ යටතේ මීගමුව සංචාරක පුරවය තුල සිදු වූ සමාජ පරිහානිය එහි වෙසෙන සියලු දෙනා දනිති. රටේ කුඩු වලට ප්‍රසිද්ධ නම ගිය පුද්ගලයන් රජ කෙරුවේ මීගමුවේ මෙම සංචාරක පුරවරයේය. කලක චිකාගෝවක් යැයි පැවසීමට තරම් දූෂිතව පැවති මෙම නගරය පිරිසිදු කිරීමේ මෙහෙවර ගමෙන් ආරම්භ කිරීමට තරුණ නායකත්වයට මේ ව විට ඉඩ සැලසී ඇත.
p3
p6
p7
p8
p9