මත ගැටුමක් – ප්‍රසන්න නුගේගොඩ වේදිකාවෙන් යයි

0
105

prasanna 1

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී ඊයේ (27) පැවති ‘පෙරලියක ඇරඹුම’ රැළිය අතරතුරදී එහි සංවිධායකයින් අතර සිදුවූ මත ගැටුමක් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වේදිකාවෙන් ඉවත්ව සිය විරෝධය පළ කළේය.

ඒකාබද්ධ විපක්ෂයට ගම්මට්ටමින් සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට රැස්වීම වේදිකාවට පිවිසීමට හෝ ඉඩනොදීම හා ඔවුන් නියෝජනය කරමින් රැස්වීම ඇමතීමට කිසිවකු ඉදිරිපත් නොකිරීමට විරෝධය පා ඔහු එම පියවර ගනු ලැබුවේ, ඒ සම්බන්ධයෙන් වේදිකාවේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද කරුණු පැහැදිලි කරමිනි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් මෙම රැලියේ මුලික කටයුතු සංවිධානය කර තිබු අතර කථික ලැයිස්තුව සකසා තිබුනේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාය.

පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට සුළු වෙලාවකට හෝ වේදිකාවේ අසුන් ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ප්‍රසන්න රණතුංග මහතා කල ඉල්ලීම සංවිධායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.003

ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළකරමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා, ” අද රැස්වීමට වැඩිම සෙනගක් ගෙනාවේ මම. මම බස් 20ක් ගෙනාවා. මේ රැස්වීමට සෙනග ගෙනාවේ පළාත්සභා මන්ත්‍රීවරු, නගර සභාවල ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරු. එයාලට මෙහෙම මදිපුංචිකම් කරලා අපිට ඉදිරියට යන්න බැහැ .. වෙනදා මෙතන රැස්වීම සංවිධානය කලේ විමල් . එයා නැති අඩුව අද හොදටම තේරෙනවා. ” යයි මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසිය.

අනතුරුව ඔහු වේදිකාවෙන් බැස පළාත් සභා හා හිටපු පළාත් පාලන නියෝජිතයින් සමග වේදිකාවෙන් පහල අසුන් ගත්තේය.

රැළිය අසාර්ථකයි :

මේ අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අසාර්ථක වූ බවයි.

ආණ්ඩු පක්ෂයේ පිරිසක් එම රැළියට එක්වන බවට සිදු කෙරුණු ප්‍රකාශයන් පසුව වෙනස් කිරීමෙන් එය තහවුරු වන බව අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියේය.

ලක්ෂයකට වැඩි පිරිසක් මෙම රැලියට සහභාගී වන බව පැවසුවද, බුද්ධි අංශ වාර්තා වලට අනුව ඊයේ මෙම රැලියට සහභාගී වී ඇත්තේ 18,000කට ආසන්න පිරිසක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here